මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේ ද ඒ දවසේ දවාල හා රාත්රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය. පළඟැටියෝ මිසර දේශය මුළුල්ලෙහි ගොස් මිසරයේ සියලු සීමාවල නැවතී සිටියෝය; උන් ඉතා භයානක වූය; ඊට පළමුවෙන් එබඳු පළඟැටියෝ නොවූහ, ඊට පසුවත් නොවන්නාහ.