1
1 කොරින්ති 13:4-5
Sinhala Revised Old Version
SROV
ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත
Compare
Explore 1 කොරින්ති 13:4-5
2
1 කොරින්ති 13:7
සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.
Explore 1 කොරින්ති 13:7
3
1 කොරින්ති 13:6
අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය
Explore 1 කොරින්ති 13:6
4
1 කොරින්ති 13:13
දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.
Explore 1 කොරින්ති 13:13
5
1 කොරින්ති 13:8
ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත. අනාගතවාක්‍යකීම් වුවත්, නැතිවන්නේය; භාෂා වුවත්, නවතින්නේය; දැනගැන්ම වුවත්, නැතිවන්නේය.
Explore 1 කොරින්ති 13:8
6
1 කොරින්ති 13:1
මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි.
Explore 1 කොරින්ති 13:1
7
1 කොරින්ති 13:2
මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.
Explore 1 කොරින්ති 13:2
8
1 කොරින්ති 13:3
මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැතිනම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.
Explore 1 කොරින්ති 13:3
9
1 කොරින්ති 13:11
මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.
Explore 1 කොරින්ති 13:11
Home
Bible
Plans
Videos