හාස්කමේ දින 30නියැදිය

හාස්කමේ  දින 30

30 න් 7 වන දිනය

කුෂ්ඨ රෝගියා සුව කිරීම

මෙසේ සිතා බලන්න: ඔබට මතක ඇති කලෙක සිට, ඔබ සමාජයෙන් බැහැර කළ පිටුවහල් කළ අයෙකු ලෙස ජීවත් වී ඇති යැයි සිතන්න. ඔබ තවත් ඔබ මෙන්ම පිටුවහල් කල බොහෝ කුෂ්ඨ රෝගීන්ගේ ජනාවාසයක ජීවත් වෙයි. ඔබ පුද්ගලයෙකු ලෙස ඔබේ අනන්‍යතාවය නැති කර ගෙන, "අපවිත්‍ර යි, අපවිත්‍ර යි" කියා කෑ ගසමින් අන් අය ඔබ ළඟට නොපැමිණෙන පරිදි සැගවී සිටිය යුතුය.

මේ යේසුස් වහන්සේ හමු වී, තමන් පිරිසිදු කිරීමට කැමති දැයි පැකිළෙමින් උන්වහන්සේගෙන් විමසූ මිනිසාගේ තත්ත්වය විය. යේසුස් වහන්සේ තමන් කැමති බව පවසා පමණක් නොව, ඔහුට ස්පර්ශ කරමින් ඔවුන් අතර තිබූ දුර නැති කළේය. "පිරිසිදු වන්න" යන වචන දෙකෙන් යේසුස් වහන්සේ ඔහු සුව කර, සාක්ෂියක් වශයෙන් පූජකයා වෙත ගොස් පූජාවක් පිදීමට යැව්වේය. කෙනෙකුගේ අනන්‍යතාවය හා සමාජ තත්ත්වය විනාඩියකින් වෙනස් කළ හැකි ප්‍රාතිහාර්යයක් කළ හැක්කේ යේසුස් වහන්සේට පමණි. උන්වහන්සේ ගෙන එන ප්‍රතිෂ්ඨාපනය සඳහා අපෙන් ඉල්ලන එකම දෙය නම් අප දෙස බලා සිටින ලෝකයට සාක්ෂියක් වීමයි.

සමහරවිට ඔබේ තත්ත්වයන් හෝ රෝගයක් නිසා ඔබ පිටස්තරයෙකු ලෙස දැනෙන්නට ඇත. ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට උන්වහන්සේ ඔබව තමන්ගේ යැයි හඳුන්වයි. ඔබේ අනන්‍යතාවය පිටස්තරයෙකුගේ සිට ඇතුළත සිටින්නෙකු (අපේ කෙනෙක් ) බවට වෙනස් වෙයි. ඊටත් වඩා, ඔබ දැන් දෙවියන් වහන්සේගේ දරුවෙකි. ඔබේ පියාණන් වහන්සේ ඔබ ගැන ආඩම්බර වන අතර, රාජ්‍යයේ සියලු දේට උරුමක්කාරයෙකු ලෙස උන්වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ රාජ්‍යයට ඔබව පිළිගනියි. කුමන වෙනසක්ද! මේ සියල්ල සිදුවූයේ පාපයෙන් පිරිසිදු කිරීමට යේසුස් වහන්සේ කැමති දැයි විමසීමට ඔබ ගත් අවදානමක් නිසායි. ඔබ ගැළවුණු විට සියල්ල වෙනස් විය. දැන් ඔබට ගොස් සියලු ලෝකයට සාක්ෂියක් විය හැකිය.

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

හාස්කමේ  දින 30

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.

More

මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in