හාස්කමේ දින 30නියැදිය

පළමු ආශ්චර්යමත් මසුන් ඇල්ලීම
වඩු කර්මාන්තයේ නිපුණයෙකු වූ යේසුස් වහන්සේගෙන් සිමෝන් පේත්රුස් වැනි පළපුරුදු ධීවරයෙකුට තම වෘත්තිය පිළිබඳව උගන්වනු ලැබීම ගැන ඔබට සිතාගත හැකිද? ඒත් යේසුස් වහන්සේ ලෝකය මැවූ සහ පවත්වාගෙන යන තැනැන්වහන්සේය. ලෝකය වචනයෙන් මැවූ උන්වහන්සේට, මසුන් රැළක් පේත්රුස්ගේ බෝට්ටුව අසලට ගෙන්වා ඔහුගේ දැල් වලට යොමු කිරීම ඉතා පහසු කාර්යයක් විය. දෙවියන් වහන්සේට කිසිවක් අපහසු නැති බවත්, උන්වහන්සේ සමඟ සියල්ල කළ හැකි බවත් ඔබ විශ්වාස කරන්නේ නම්, මෙවැනි විශ්මයජනක ප්රාතිහාර්යක් සඳහා ඔබ සූදානම් වෙනු ඇත. ඔබ ඔබේ ශක්තිය සහ දක්ෂතා මත ක්‍රියා කරමින් සිටිනවා විය හැක,නමුත් එහි දෙවියන් වහන්සේගේ ස්පර්ශය සඳහා ඉඩක් තිබේද?
ඔබ ඉගෙන ගත් දේ යේසුස් වහන්සේට ඔබට වඩා හොඳින් කළ හැකිය. ඔබ පුහුණු වූ දේ යේසුස් වහන්සේට ඔබට වඩා විශිෂ්ට ලෙස කළ හැකිය. මෙය ඔබව දිරිගන්වනවාද නැතහොත් අනවශ්‍ය බවක් දැනෙනවාද? උන්වහන්සේ ඔබට භාර දුන් දේවල් සිදු කිරීමට දෙවියන් වහන්සේට අසීමිත හැකියාවක් ඇති බව දැන ගැනීමෙන් ඔබට ආශීර්වාද ලැබේවා. අපි ඊට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද? එක් කරුණක් නම්, අපේ වැඩ වලට දෙවියන් වහන්සේට ආරාධනා කර උන්වහන්සේ විසින් අපට මග පෙන්වීමට ඉඩ දිය හැකිය.අපට අපේ ව්‍යාපාර වලට උන්වහන්සේගෙන් උපදෙස් ලබා ගෙන, උන්වහන්සේව ජ්‍යෙෂ්ඨ හවුල්කරුවෙකු ලෙස සැලකිය හැකිය. උන්වහන්සේ ප්‍රඥාව හා දැනුම සතු බැවින් අපේ අධ්‍යාපනයේදී උන්වහන්සේ සමඟ සම්බන්ධ විය හැකිය. ඔබේ වැඩ වලට දෙවියන් වහන්සේ ඇතුළත් කර ගන්නා විට, උන්වහන්සේ ප්රාතිහාර්යමය ආශීර්වාද හා අනුග්‍රහය ඔබ වෙත ගෙන එන ආකාරය බලා සිටින්න.
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.
More
මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in









