හාස්කමේ දින 30නියැදිය

හාස්කමේ  දින 30

30 න් 9 වන දිනය

වහලයෙන් බැස්සූ අංශභාග රෝගියා සුව කිරීම

මෙය තම අංශභාග රෝගී මිතුරා සුව කිරීමට යේසුස් වහන්සේව පොළඹවා ගත් මිනිසුන් සිව් දෙනෙකුගේඇදහිල්ල පිළිබඳ සත්‍ය කතාවකි. ඔවුන්ගේ මිතුරා යේසුස් වහන්සේ ඉදිරියට ගෙන ඒමට දැක්වූ නව්‍යකරණය හා නිර්මාණශීලීත්වය දැකීම පුදුම සහගතය. නිවසේ වහලය විවෘත කර ඔහුව ඇඳෙන් යේසුස් වහන්සේ ඉදිරියට බැස්සවීමේදී ඔවුන් විශේෂ හදිසි බවක් පෙන්නුම් කරන තිබේ.

ඔබ වහලය පිළිබද කණ්ඩායමේ කොටසක්ද? දුෂ්කර තත්ත්වයන් නිසා තමන්ට ම නැගිටිය නොහැකි අය ඔසවා යේසුස් වහන්සේ වෙත ගෙන යන කෙනෙක්ද? විශේෂ දෙයක්, ප්‍රාතිහාර්යයක්, සුවයක් හෝ උපකාරයක් අවශ්‍ය මිතුරන් වෙනුවෙන් ඔබේ ස්ථිර යාඥාව සියල්ල වෙනස් කළ හැකිය. බොහෝ විට, ජීවිතය අපව අසරණ හා කලකිරීමෙන් දණගස්සවන අතර, යාඥාව දුරස්ථ සිහිනයක් බවට පත් කරයි. එවැනි අවස්ථාවල ඔබට නැගිටිය නොහැකි විට, ධෛර්යෙන් හා හදිසි බවකින් යුතුව දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියට ඔබේ ඉල්ලීම් ඉදිරිපත් කරන යාඥා කරන මිතුරන් සිටීම උපකාරයක් වේ.

ඔබට අවශ්‍ය විට ඔබව දෙවියන් වහන්සේගේ සිංහාසනය වෙත ඔසවා ගෙන යන විශ්වාසවන්ත යාඥා කරන මිතුරන් කවුරුන් හෝ සිටිත්ද? එවැනි විශ්වාසවන්ත මිතුරන් ඔබ සමඟ සෑම අවස්ථාවකම ගමන් කරන පිණිස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටීම යහපත්ය.

ඔබ අන් අය වෙනුවෙන් කරන පරාර්ථකාමී යාඥා ස්වර්ගයේ වැඩසිටින ඔබේ පියාණන් වහන්සේට ප්‍රීතියක් වේ. උන්වහන්සේ සෑම වචනයක්ම අසන සේක, සෑම කඳුළක්ම දකින සේක, ඔබේ විශ්වාසය දෙස සතුටින් බලා සිටින නිසා ඔබ කතා කරන විට පිළිතුරු දෙන සේක.

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

හාස්කමේ  දින 30

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.

More

මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in