හාස්කමේ දින 30නියැදිය

හාස්කමේ  දින 30

30 න් 4 වන දිනය

පේතෘස්ගේ නැන්දම්මා සුවපත් වේ

විහිළුවක් තිබෙනවා යේසුස් වහන්සේ තම නැන්දම්මාව සුව කළ නිසා පේතෘස් යේසුස්ව ප්‍රතික්ෂේප කළා කියලා. විහිළුවකට වඩා , මෙය ඉතා සරල, එදිනෙදා ජීවිතයේදී සිදුවිය හැකි ආශ්චර්යයකි, සමහරවිට අප එය නොසලකා හරින හෝ සුළු කොට තකනවා විය හැක. මෙම සුළු සිදුවීමේ සුන්දරත්වය නම් යේසුස්වහන්සේ අපගේ ලෞකික ජීවිතයේදී අපව මුණගැසෙන ආකාරයයි. උන්වහන්සේ පේතෘස්ගේ නිවසට ඇතුළු වූ අතර ඔහුගේ නැන්දම්මා අසනීපව සිටින බව දුටු විට ඇයව ස්පර්ශ කර සුව කරයි.

ඔබේ ලෞකික ජීවිතයේදී යේසුස්වහන්සේ ඔබව මුණගැසීම කෙබඳු වනු ඇත්ද? ඔබේ වැඩ, ඔබේ ශරීරය, ඔබේ මනස, ඔබේ සමීපතම සබඳතා, ඔබේ සිහින සහ ආශාවන් ස්පර්ශ කිරීමට ඔබ උන්වහන්සේට ආරාධනා කර තිබේද? යේසුස්වහන්සේ අප සිටින තැනදීම අපව මුණගැසෙනවා. උන්වහන්සේ අපව හමුවීමට අපි යම් ආකාරයක උසස් ආත්මික මට්ටමකට ළඟා වන තෙක් බලා සිටින්නේ නැත, නමුත් එම්මාවුස් වෙත යන මාර්ගයේ සිටි එම මිනිසුන් දෙදෙනාට මෙන්,සෑම දිනකම ඔබේ ගමනේදීඋන්වහන්සේ ඔබව මුණගැසෙනු ඇත. උන්වහන්සේගේ වචනය හෝ උන්වහන්සේගේ මාර්ග තේරුම් ගැනීමට අප අරගල කරන විට, ඉතියෝපියානු මාලිගාවේ නිලධාරියාට, මාර්ගය අයිනේ ඔහුගේ රථයෙදී පිලිප් මුණගස්වා ශුබරංචිය ප්‍රකාශකළාක් මෙන් උන්වහන්සේ අපටත් උපකාර එවිය හැකිය.

උජාරුවෙන් හා තේජසින් තොරව අපගේ එදිනෙදා ජීවිතයේදී අපව මුණගැසෙන අපගේ දෙවියන් වහන්සේ මේ ආකාරයි, සාමාන්‍ය දේවල් අලංකාරවත් කරයි. ආශ්චර්යමත් දේ එනතුරු බලා සිටීමේ වැරැද්ද නොකරන්න,එසේ කලොත් ඔබට ලෞකික දේවලදී දෙවියන් වහන්සේ මග හැරෙනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු වී තම දෑතින් එය ස්පර්ශ කරන විට ලෞකික දේ තේජාන්විත වේ.

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

හාස්කමේ  දින 30

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.

More

මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in