හාස්කමේ දින 30නියැදිය

හාස්කමේ  දින 30

30 න් 3 වන දිනය

යක්ෂාවේශ වූ මිනිසාගේ ගැලවීම

යේසුස් වහන්සේ ඉගැන්වූ දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේය. හරියටම එහි තේරුම කුමක්ද? හොඳයි, ඔහු නීතියේ ගුරුවරුන් මෙන් නොව අධිකාරියක් ඇතිව සිනගෝගයේ ඉගැන්වීය. ඉන්පසු ඔහු එය ක්‍රියාවට නැංවූයේ මිනිසෙකුගෙන් නපුරු ආත්මයකට ඉවත් වීමට අණ කිරීමෙනි. යක්ෂයා යේසුස්වහන්සේගේ න්‍යාය පත්‍රය හරියටම දැනගෙන එය ප්‍රකාශ කළ ආකාරය පුදුම සහගතය. ඔබට එය තේරුණාද? ඌ යේසුස්වහන්සේගෙන් ඇසුවේ එතුමන් ඌව විනාශ කිරීමට පැමිණියේද යන්නයි. වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කර දැමීම යේසුස්වහන්සේගේ කැඳවීමේහිවිශාල කොටසක් විය. යේසුස්වහන්සේ එතුමාගේ ජීවිතයේ සම්පූර්න අරමුණක් ඇතිව අවසානය දක්වා ජීවත් විය. උන්වහන්සේ අධිකාරියෙන් ඉගැන්වූ අතර පසුව මිනිසුන් නිදහස් කිරීමට එම අධිකාරිය ක්‍රියාත්මක කළ සේක

ඔබ සම්පූර්ණයෙන්ම චිත්තවේගීයව, මානසිකව, අධ්‍යාත්මිකව සහ ශාරීරිකව සිරවී, ක්‍රියා කිරීමට නොහැකිව සහ අපැහැදිලිකමක් සිටින බවක් ඔබට කවදා හෝ දැනී ඇත්නම්, ඔබව අල්ලාගෙන සිටින එම අදෘශ්‍යමාන දම්වැල්වලින් නිදහස් වීම කොතරම් වටිනවාද යන්න ඔබ දන්නවා. අපව බැඳ දමන ,අපව කඩා දමන ඕනෑම දෙයකින් අපව නිදහස් කිරීමට ගැලවුම්කරුවා වන ක්‍රිස්තුස් වහන්සේට සියලු බලය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස, අන්ධකාරයේ සෑම බලයකටම එරෙහිව සියලු බලය උන්වහන්සේට තිබෙනවා, අදත් උන්වහන්සේ සාතන්ට එරෙහිව ජයග්‍රාහී ය. ඔහු මෙම බලය තමාටම තබා නොගත්තේය, නමුත් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලවුම්කරුවා ලෙස පිළිගත් අප සෑම කෙනෙකුටම එය පවරන ලදී. දෙවියන් වහන්සේගේ දරුවන් සහ ක්‍රිස්තුස් වහන්සේ සමඟ සම උරුමක්කාරයන් ලෙස, සර්පයන් සහ ගෝනුස්සන් පාගා දැමීමටද නිරයේ සියලු බලයන්ට එරෙහිවද අපට ස්වර්ගයේ සහ පොළොවේ සියලු අදිපත්‍ය ලබා දී ඇත. එය පුදුම සහගත නොවේද? නමුත් බොහෝ විට අපට අසරණ සහ දුර්වල බවක් දැනෙන්නේ යේසුස් වහන්සේ අපගේ ජීවිතවලට පිළිගත් විට අපට ලබා දුන් අධිකාරිය ගැන අපට අමතක වන බැවිනි. මෙම අධිකාරිය නිසා අපට අදෘශ්‍යමාන නමුත් සැබෑවූ පාපයේ වහල් කූඩුවල අපව සිර කර තැබීමට සතුරා දරන උත්සාහයන්ට එරෙහිව ජයග්‍රාහීව ජීවත් වීමට හැකියාව ලබා දෙයි.

ජේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ල ඔබ පිළිපදිනවාද? දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස ඔබට දුන් අධිකාරිය තුළ ඔබ ගමන් කරනවාද? ඔබ සතුරා විසින් කොටු කර බිඳ දමනු ලැබ ජීවත් වෙනවාද? දෙවියන් වහන්සේ විසින් ඔබට දෙන ලදඅධිකාරිය තුළ නැඟිට, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ විසින් ඔබ තුළ තබා ඇති දෙවියන් වහන්සේගේ බලයෙන් සතුරා පාගා දැමීමට දැන් කාලය පැමිණ ඇත.

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

හාස්කමේ  දින 30

යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.

More

මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි We Are Zion ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/wearezion.in