කනස්සල්ල ජයගැනීමනියැදිය

කනස්සල්ල ජයගැනීම

5 න් 4 වන දිනය

ඔබ යාච්ඤා කළ නිසා

ඔබගේ කනස්සලුවීම් සමග කළේ මොනවාද? ඔබ ඒවා ඇතුලට හැරෙව්වාද නැතහොත් ඉහළට හැරෙව්වාද?

ක්‍රෑර වූ අෂූර්හි සෙනකරිබ් රජු යෙරැසලම විනාශ කිරීමට සූදානම් වෙද්දී, ඔහු විජයග්‍රහණය කර තිබුණු අනෙක් ජාතීන්ට වඩා යුදාව වෙනසක් නොවනු ඇති බව කියමින් හෙසකියා රජුට පණිවිඩයක් යැවුවේය. හෙසකියා මෙම පණිවිඩය යෙරැසලමෙහි දේවගෘහයට ගෙන ගොස්“ස්වාමීන්වහන්සේ ඉදිරියේ දිග හැරියේය” (යෙසායා 37:14) . ඉන්පසුව ඔහු සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළේය. ඊට පසුව ඉක්මණින්ම අනාගතවක්තෘයෙසායා මෙම පණිවිඩය දෙවියන්වහන්සේගෙන් හෙසකියාට එවන ලදී : “අෂූර්හි රජවූ සෙනකරීබ් ගැන නුඹ මට යාච්ඤා නළ බැවින්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක” (යෙසාසා 37:21-22). හෙසකියාගේ යාච්ඤාවට එම රාත්‍රියේම පිළිතුරැ ලැබුණ බව ශුද්ධලියවිල්ල අපට පවසයි. නගර දොරටුවලට පිටතදීදෙවියන්වහන්සේ හාස්කමෙන් සතුරැ හමුදා පැරදවූසේක. අෂූර් හමුදාව “ඊතලයක්වත් විද්දේ නැත” (පදය 33). නැවත නොඑන ලෙස, සෙනකරිබ් යෙරැසලම අත්හැර යනු ඇත. දෙවියන්වහන්සේ හෙසකියාට දුන් පණිවිඩයේ වචන තුන - “නුඹ යාච්ඤා කළබැවින්” - අපේ කනස්සලුවීම් සමග යාමට හොඳම ස්ථානය අපට පෙන්වයි. හෙසකියා දෙවියන්වහන්සේ වෙතට හැරැණු නිසා, උන්වහන්සේ ඔහුත් ඔහුගේ සෙනගත් මුදාගත්සේක. අපි අපේ කනස්සලුවීම් යාච්ඤාවට හරවන විට, දෙවියන්වහන්සේ අනපේක්ෂිත ආකාරයට විශ්වාසවන්ත වන බව අප දැනගන්නෙමු!

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

කනස්සල්ල ජයගැනීම

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස යොදා ගත හැකි ආකාරය ගැන වැඩිදුර සොයා දැනගන්නවා ඇත.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/