කනස්සල්ල ජයගැනීමනියැදිය

බයෙන් නිදහස
ආරාධනාවක් නැතුව භය මගේ සිතට හොරෙන් රිංගයි. එය අසරණකමේ සහ බලාපොරාත්තුවක් නැතිකමේ පින්තූරයක් පාට කරයි. එය මගේ සමාදානය සහ සිත එක් දෙයකට හොමුකිරීම සොරකම් කරයි. මා භය වන්නේ මොනවා ගැනද? මම පවුලේ ආරක්ෂාව ගැන හෝ ආදරණියයන්ගේ සුවය ගැන සැලකිලිමත් වෙන්නෙමි. රැකියාවක් අහිමිවීම හෝ කැඩුණු සම්බන්ධතාවයක් ගැන භීතියකින් සිටිමි. භය මාගේ අවධානය අභ්‍යන්තරයට හරවන අතර සමහරවිට විශ්වාස කරන්නට අපහසු බව සිතට දන්වයි. මෙම භයවීම් සහ කනස්සලුවීම් පහර දෙන විට දාවිත්ගේ 34: වන ගීතය කියවීම කොපමණ යහපත්ද? “ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී මාගේ සියලු භයෙන් මා මිදූසේක”(පදය 4). දෙවියන්වහන්සේ අපගේ භයෙන් අපව නිදහස් කරන්නේ කෙසේද? අප “උන්වහන්සේ දෙස බලන” විටය (පදය 5). අප උන්වහන්සේ මත අවධානය තබන විට, අපගේ භය නැතිවී යයි; උන්වහන්සේ පාලනෙයහි සිටීම කෙරෙහි අප විශ්වාස කරන්නෙමු. ඉන්පසු දාවිත් තවත් ආකාරයක භයක් ගැන සඳහන් කරයි - අපව අඩපණ කරන භයක් නොව අපව වට කරන සහ අපව නිදහස් කරන තැනන්වහන්සේ කෙරෙහි ඉතාමත් ෙගෟරවනීය සහ විශ්මය දනවන භයකි (පදය 7). අපට රක්ෂාස්ථානයක් ලෙසඋන්වහන්සේ ගත හැකියි, මක්නිසාද උන්වහන්සේ යහපත්ය (පදය 8).
උන්වහන්සේගේ යහපත්කම සහ මෙම විශ්මපත් බව අපගේ සියලු භය වෙනස් ආකාරයකින් තැබීමට අපට උපකාර කරයි. දෙවියන්වහන්සේ කවුද කියාත් උන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද කියාත් අප සිහි කරන විට,උන්වහන්සේගේ සමාදානය තුල අපට විවේක ගත හැක. “මක්නිසාද උන්වහන්සේට භයවන්නන්ට කිසි හිඟයක් නැත” (පදය 9) කියා දාවිත් අවසන් කරයි. ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන භය නිසා අපේ සියලුම භයෙන් අපට නිදහස් විය හැකි බව සොයා දැනගැනීමට ලැබීම කොපමණ යහපත්ද.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස යොදා ගත හැකි ආකාරය ගැන වැඩිදුර සොයා දැනගන්නවා ඇත.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









