කනස්සල්ල ජයගැනීමනියැදිය

කනස්සල්ල ජයගැනීම

5 න් 3 වන දිනය

හෙට දෙස බැලීම

වළාකුලු නැති නිල් අහස දෙස ඕනෑක‌ෙමන් බලා සිටීමෙන් මම සතුටු වෙමි. අහස අපගේ ශ්‍රේෂ්ඨ මැවුම්කරැවාණන්ගේ උසස්වූ වැඩෙහි, අපට සතුටු වීමට දෙන ලද අලංකාර කොටසකි. ගුවන් නියමුවන් දර්ශන පථයට කොතරම් ආදරය කළ යුතුද කියා සිතා බලන්න. පියාසර කිරීමට ඉතා යහපත් අහසක් ලෙස විස්තර කිරීමට ඔවුන් ගගනගාමී කීම් කිහිපයක් පාවිච්චි කරති. නමුත් මම කැමතිම දේනම් “ඔබට හෙට දෙස බැලිය හැක.”

හෙට දෙස බැලීම අපේ දැක්මට ඉහළින් පවතී. සමහරවිට අද අපේ ජීවිතයේ මොනවා සිදුවේද කියා දැකීමට හෝ තේරැම්ගැනීමට අප මහන්සි ගන්නෙමු. බයිබලය අපට මෙසේ පවසයි, “මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය” (යාකොබ් 4:14).

නමුත් අපගේ පෙනුමට තිබෙන දේවල් සීමිත වීම, බලාපොරොත්තු නැතිකර ගැනීමට හේතුවක් නොවේ. එයට හාත්පසින්ම විරැද්ධ දෙයකි. අප විශ්වාස කරන්නේ අපගේ සියලුම ‌ෙහටවල් ගැන ඉතාමත් යහපත් ලෙස දකින - ඉදිරියට එන අභියෝගයන්ට අප මුහුණ දෙන විට අපට අවශ්‍යකරන්නේ මොනවාද කියා දන්නා දෙවියන්වහන්සේ කෙරෙහිය. අපෝස්තුලු පාවුල් මෙය දැන සිටියේය. ඒ නිසයි පාවුල් බලාපොරොත්තු සහගත වචනවලින් අපව දිරිගන්වන්නේ, “(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.) (2 කොරින්ති 5:7).

අපගේ දවස වගේම නොපෙනෙන හෙටවල් ගැනත් දෙවියන්වහන්සේව විශ්වාස කරන විට, ජීවිතය අපට මොන දේවල් ගෙන ඒවිදැයි කනස්සලු වීමට අවශ්‍ය නැත. අප ගමන් කරන්නේ උන්වහන්සේ සමග බැවින් ඉදිරියේ තිබෙන්නේ කුමක්ද කියා උන්වහන්සේ දන්නා සේක; ඒවා සමග කටයුතු කරන්නට ප්‍රමාණවත් තරම් උන්වහන්සේ ශක්තිමත්ය, ප්‍රඥාවන්තය.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

කනස්සල්ල ජයගැනීම

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස යොදා ගත හැකි ආකාරය ගැන වැඩිදුර සොයා දැනගන්නවා ඇත.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/