කනස්සල්ල ජයගැනීමනියැදිය

ඔබේ බර බිම තබන්න
මිනිසෙක් ගමේ පාරක තම ට්‍රක් රථයෙන් යද්දී ලොකු බරක් ඔසවාගෙන යන ස්ත්‍රියක් දැක, වාහනය නවතා ඇයව වාහනයෙන් ගෙන යාමට කැමති විය. උපකාරයට ස්තුතිවන්ත වෙමින් ස්ත්‍රිය වාහනයේ පිටුපසට නැගගත්තාය. මඳ වේලාවකට පසුව, ඒ මිනිසා ඉතා පුදුම දෙයක් දැක්කේය : වාහනයේ හිඳගන්නවා වෙනුවට ස්ත්‍රිය තවමත් ඇයගේ බර ඔසවාගෙන සිටියාය! පුදුමයට පත්වූ , ඔහු “නෝනා, කරැණාකර ඔබේ බර බිම තබා වාඩිවී විවේක ගන්න. මගේ වාහනයට ඔබත් ඔබේ බරත් ගෙනයන්න පුලුවන්. පහසුවෙන් යන්න.” කියා බැගෑපත්ව ඉල්ලුවේය.
භය, කනස්සල්ල සහ කණගාටුව සමග අප කරන්නේ කුමක්ද? ස්වාමීන්වහන්සේ තුළ පහසු ගන්නවා වෙනුවට, අප නිතරම ජීවිතයේ අභියෝග තුලින් යද්දී ඒවා ඔසවාගෙන යන්නෙමු. මා සමහරවිට හැසිරෙන්නේ ඒ ස්ත්‍රිය වාගේය. යේසුස්වහන්සේ මෙසේ කීසේක, “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28).
යේසුස්වහන්සේ මත පැටවිය යුතු බර තවමත් මා උසුලාගෙන යන්නට හසුව සිටිමි.
අපි යාච්ඤාවෙන් අපේ බර ස්වාමීන්වහන්සේ වෙතට ගෙන එන විට අප ඒවා බිම තබන්නෙමු. අපෝස්තුලු පේත්‍රැස් කියන්නේ “උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර (යේසුස්) උන්වහන්සේ පිට තබාපල්ලා”(1පේත්‍රැස් 5:7). උන්වහන්සේ අප ගැන සලකන නිසා, උන්වහන්සේ ගැන විශ්වාස කරන්නට ඉගෙන ගන්නා විට අපට විවේකයෙන් පහසුවෙන් සිටිය හැක. අපව වෙහෙසට පත්කර, පහතට හෙලන බර උසුලාගෙන යනවා වෙනුවට, අපට ඒවා ස්වාමීන්වහන්සේට දී උන්වහන්සේට උසුලාගෙන යන්නට ඉඩ හැරිය හැකියි.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස යොදා ගත හැකි ආකාරය ගැන වැඩිදුර සොයා දැනගන්නවා ඇත.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









