කනස්සල්ල ජයගැනීමනියැදිය

කනස්සල්ලට ප්‍රතිකාරය
සැමියාගේ රැකියාව නිසා ස්ථානය වෙනස් වීම ගැන අපි කලබලකාරී උනන්දුවකින් පසුවුණෙමු. එහෙත් නොදන්නා දේවල් සහ අභියෝග සමග මම සාංකාවට පත්වුනෙමි. නිවසේ බඩු තේරීම සහ ඇසිරීම ගැන සිතුවිලි. ජීවත්වීමට තැනක් සෙවීම. මට නව රැකියාවක් සොයා ගැනීම. අලුත් නගරයක මාගේ ගමන් මග දැනගැනීම සහ පදිංචි වීම මේ සියල්ලම. . . අස්ථාවර වීම්ය. මට කරන්නට තිබෙන ලැයිස්තුව දෙස බැලූ විට, අපෝස්තුලු පාවුල් තුමා විසින් ලියන ලද වචන මගේ මනසෙහි දෝංකාර දුන්නේය : නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා (පිලිප්පි 4:6-7). යම්කෙනෙක් නොදන්නා දේවල් සහ අභියෝග ගැන කනස්සලු විය යුතුව සිටියේ නම් ඒ පාවුල් තුමා විය යුතුව තිබුණි. ඔහු නැව් බිඳීම්. පහරකෑම්. සිරගතවීම් වලට මුහුණ පෑවේය. පිලිප්පි සභාවට ඔහුගේ ලිපියේ නොදන්නා දේවලට මුහුණ දෙන ඔහුගේ මිත්‍රයන්වත් ධෛර්යයමත් කරයි, “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා” (පදය 6).
පාවුල්ගේ වචන මාව දිරිගන්වයි. ජීවිතයේ අස්ථාවරත්වයන් නැතුවා නොවේ - ඒවා ජීවිතයේ ප්‍රධාන වෙනස්කම්, පවුල් ප්‍රශ්න, සුවය ගැන බියවීම් හෝ ආර්ථික ගැටලු ලෙස පැමිණියත්, මා නොකඩවාම ඉගෙන ගන්නේ දෙවියන්වහන්සේ අප ගැන සලකන බවය. අපේ නොදන්නා දේවල්වලට තිබෙන භය උන්වහන්සේට භාර දීමෙන් ඉවත් කරදැමීමට අපට ආරාධනා කරනසේක. අප එසේ කරනවිට, සියලු දේවල් දන්නා වූ උන්වහන්සේ, එම සමාදානය පොරොන්දුවෙයි. “එවිට කිසි නුවණකින් දැන ගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත” (පදය 7).
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී කනස්සලුවීම් වලින් ඔබව දවා දමනවාට වඩා ඒවා ඔබට යහපත් ලෙස යොදා ගත හැකි ආකාරය ගැන වැඩිදුර සොයා දැනගන්නවා ඇත.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









