YouVersion Logo
Search Icon

ගීතාවලිය 95:1-11

ගීතාවලිය 95:1-11 SCV

එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු; අපේ ගැලවීමේ පර්වතයාණන්ට ජය ගොස නගමු. ස්තුති දීම් සමඟ අපි උන්වහන්සේ ඉදිරියට යමු; සංගීත නදින් හා ගීත හඬින් උන්වහන්සේ පසසමු. මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය, සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය; කඳු ශිඛර අයිති උන්වහන්සේට ය. මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි, වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි. එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු, අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු; උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය. අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, කලින් මෙරීබාහි දී ඔබ හැසුරුණු සේ, එදවස්හි පාළුකරයේ මස්සාහිදී ඔබ කළ පරිදි, ඔබේ හදවත් දැඩි කර නො ගන්න, මා කළ ක්‍රියා දැක තිබූ නමුදු, ඔබේ පියවරු, එහිදී මා පරීක්ෂා කරමින්, මා වෙහෙස කළහ. ඒ පරපුර සමඟ වසර හතළිහක් ම එනිසා මම අප්‍රසන්න ව සිටියෙමි; මා ඔවුන් ගැන කීවේ, “ඔවුහු හදින් මුළාව යන ජනතාවකි; ඔවුහු මගේ මාර්ග හැඳින නො ගත්හ” කියා ය. එබැවින්, “ඔවුන් මගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැ” යි මගේ කෝපයෙන් මම දිවුරා ප්‍රකාශ කළෙමි.

Video for ගීතාවලිය 95:1-11

Verse Images for ගීතාවලිය 95:1-11

ගීතාවලිය 95:1-11 - එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු;
අපේ ගැලවීමේ පර්වතයාණන්ට ජය ගොස නගමු.
ස්තුති දීම් සමඟ අපි උන්වහන්සේ ඉදිරියට යමු;
සංගීත නදින් හා ගීත හඬින් උන්වහන්සේ පසසමු.

මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය,
සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය.
පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය;
කඳු ශිඛර අයිති උන්වහන්සේට ය.
මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි,
වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි.

එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු,
අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු;
උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද
උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.

අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,
කලින් මෙරීබාහි දී ඔබ හැසුරුණු සේ, එදවස්හි පාළුකරයේ මස්සාහිදී ඔබ කළ පරිදි,
ඔබේ හදවත් දැඩි කර නො ගන්න,
මා කළ ක්‍රියා දැක තිබූ නමුදු, ඔබේ පියවරු,
එහිදී මා පරීක්ෂා කරමින්, මා වෙහෙස කළහ.
ඒ පරපුර සමඟ වසර හතළිහක් ම එනිසා මම අප්‍රසන්න ව සිටියෙමි;
මා ඔවුන් ගැන කීවේ, “ඔවුහු හදින් මුළාව යන ජනතාවකි;
ඔවුහු මගේ මාර්ග හැඳින නො ගත්හ” කියා ය.
එබැවින්, “ඔවුන් මගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැ” යි
මගේ කෝපයෙන් මම දිවුරා ප්‍රකාශ කළෙමි.ගීතාවලිය 95:1-11 - එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු;

මගේ කෝපයෙන් මම දිවුරා ප්‍රකාශ කළෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 95:1-11