ගීතාවලිය 32:1-6
ගීතාවලිය 32:1-6 SCV
තමන්ගේ අපරාධ කමා කරනු ලැබූ, තමන්ගේ පාප වසා දමනු ලැබූ තැනැත්තා භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේ යමකුගේ අයුතුකම ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, යමකුගේ ආත්මයේ කිසි රැවටිල්ලක් නො වන්නේ ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය. මා නිහඬ ව සිටිමින්, දවස මුළුල්ලේ කෙඳිරිගාමින් සිටි කල, මගේ ඇටකටු දිරා යන්නට විය. ශික්ෂණයේ ඔබගේ හස්තය, දිවා රෑ දෙකේදී ම මා පිට බර ව තිබිණ; ග්‍රීෂ්ම කල දැඩි උණුසුමට හසුවූවාක් මෙන් මගේ ශක්තිය ද සිඳී ගොස් තිබිණ. සෙලා එබැවින්, මගේ පාප මම ඔබට ප්‍රකාශ කළෙමි. මගේ අයුතුකම් මම නො සැඟවීමි, “මගේ වැරදි ස්වාමින්වහන්සේට පාපොච්චාරණ කරමි” යි කීවෙමි. මගේ පාපයේ වරද එවිට ඔබ කමා කළ සේක. සෙලා එබැවින් ධාර්මික වූ හැම කෙනෙක් ම ඔබ හමු විය හැකි අවස්ථාවේ ඔබට යාච්ඤා ඔප්පු කරත්වා; මහා ජලගැල්ම නැග ආ කල, සැබවින් ම එය ඔහුට ළං නො වේ.





