1
යෙසායා 60:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
නැගිටින්න; බැබළෙන්න; මන්ද ඔබේ ආලෝකය පැමිණ ඇත. ස්වාමින්වහන්සේගේ තේජස ද ඔබ මත උදා වී ඇත.
සසඳන්න
යෙසායා 60:1 ගවේෂණය කරන්න
2
යෙසායා 60:3
ඔබේ එළිය වෙත ජාතීන් ද ඔබේ උදාවේ දීප්තිය වෙත රජුන් ද එනු ඇත.
යෙසායා 60:3 ගවේෂණය කරන්න
3
යෙසායා 60:2
ඔන්න! අන්ධකාරයෙන් පොළොව ද ඝන අන්ධකාරයෙන් ජනයා ද වසා ගැනේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබ මත උදා වන සේක්, උන්වහන්සේගේ තේජස ඔබ වෙතින් දිස් වන්නේ ය.
යෙසායා 60:2 ගවේෂණය කරන්න
4
යෙසායා 60:22
ඔබේ ඉතාම සුළු තැනැත්තා දහසක් ද ඉතාම කුඩා තැනැත්තා බලවත් ජාතියක් ද වනු ඇත. මම ස්වාමින්වහන්සේ ය; නිසි කල ආ කල, මම විගසින් මෙය සිදු කරන්නෙමි.”
යෙසායා 60:22 ගවේෂණය කරන්න
5
යෙසායා 60:19
තවදුරටත් ඔබේ දහවලේ එළිය හිරු නො වේ. සඳුගේ දීප්තිය ද ඔබට එළිය ගෙන නො දේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සදාතනික එළිය වන සේක. ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජස වන සේක.
යෙසායා 60:19 ගවේෂණය කරන්න
6
යෙසායා 60:20
ඔබේ හිරු යළි කිසි දින බැස යන්නේ නැත. ඔබේ සඳු තවදුරටත් අවපසට යන්නේ නැත. ඔබේ සදාතනික එළිය වන්නේ ස්වාමින්වහන්සේ ය. ඔබේ සෝ-දුක් දවස් නිමාවට පත් වන්නේ ය.
යෙසායා 60:20 ගවේෂණය කරන්න
7
යෙසායා 60:5
එවිට ඔබ එය බලා, ප්‍රීතියෙන් පිනා යනු ඇත. ඔබේ හද පිබිද, ප්‍රීතියෙන් ඔකඳ වනු ඇත. මන්ද මුහුදේ ඉසුරු ද ජාතීන්ගේ වස්තුව ද ඔබ කරා ගලා එන්නේ ය.
යෙසායා 60:5 ගවේෂණය කරන්න
8
යෙසායා 60:4
ඔබේ ඇස් ඇර, අවට බලන්න. ඔවුහු සැවොම එක් රැස් ව, ඔබ වෙත එන්නෝ ය. ඔබේ පුත්තු දුර ඈත සිට පැමිණෙති. ඔබේ දූවරු උකුළේ වඩාගෙන ගෙන එනු ලබන්නෝ ය.
යෙසායා 60:4 ගවේෂණය කරන්න
9
යෙසායා 60:21
ඔබේ සියලු ජනයා ධර්මිෂ්ඨ වන්නෝ ය. ඔවුහු සදහට ම දේශය උරුම කර ගන්නෝ ය. මා තේජසට පත් වන පිණිස, මගේ දෑතේ කාරිය වන මවිසින් හිඳුවන ලද පැළෑටිය ඔවුන් ය.
යෙසායා 60:21 ගවේෂණය කරන්න
10
යෙසායා 60:18
සැහැසිකම ගැන, ඔබේ දේශයෙහි තවත් අසන්නට ලැබෙන්නේ නැත. වැනසීම හා විනාශය ගැන, ඔබේ සීමා ඇතුළත ඇසෙනු නැත. ඔබේ පවුරු ගැලවීම කියා ද ඔබේ දොරටු ප්‍රශංසාව කියා ද ඔබ පවසනු ඇත.
යෙසායා 60:18 ගවේෂණය කරන්න
11
යෙසායා 60:11
ඔබේ දොරටු, හැම විට විවර ව තිබෙනු ඇත. දිවා රැයේ ඒවා වසනු නො ලැබේ. එසේ වන්නේ, ජනයා ජාතීන්ගේ සම්පත් ඔබ වෙත ගෙනෙනු ලබන පිණිස ය. එහි පෙරමුණ ගෙන එන්නේ ඔවුන්ගේ රජවරුන් ය.
යෙසායා 60:11 ගවේෂණය කරන්න
12
යෙසායා 60:6
රංචු රංචු ඔටුවන්ගෙන්, මිදියන්හි හා ඒෆාහි නාඹර ඔටුවන්ගෙන්, ඔබ වැසී යනු ඇත. ෂෙබාහි සියල්ලෝ ඔබ වෙත එනු ඇත. ඔවුන් පැමිණෙන්නේ රත්රන් හා සුවඳ ද්‍රව්‍ය රැගෙන ශුභ ආරංචිය ද ස්වාමින්වහන්සේගේ ප්‍රශංසාව ද රැගෙන ය.
යෙසායා 60:6 ගවේෂණය කරන්න
13
යෙසායා 60:10
“විදේශිකයින් ඔබේ පවුරු ගොඩ නගනු ඇත. ඔවුන්ගේ රජවරුන්, ඔබට මෙහෙ කරනු ඇත. මන්ද උදහසින් යුතු ව මා ඔබට පහර දුන් නමුදු, ප්‍රසාදයෙන් යුතු ව මම ඔබට අනුකම්පා කරමි.
යෙසායා 60:10 ගවේෂණය කරන්න
14
යෙසායා 60:15
“අත්හැර දමනු ලැබ, වෛර කරනු ලැබ, කිසිවකුත් ඔබ මැදින් ගමන් කරනු නො ලැබ, ඔබ සිටි නමුදු, මම ඔබ සදාතනික ආඩම්බරයක් ද යුගයෙන්-යුගයට ප්‍රීතියක් ද කරන්නෙමි.
යෙසායා 60:15 ගවේෂණය කරන්න
15
යෙසායා 60:16
ජාතීන්ගේ කිරි උරා බොන ඔබ රාජකීය ළය මඬලින් පෝෂණය ලබනු ඇත. එවිට ස්වාමින්වහන්සේ වන මා, ඔබේ ගැලවුම්කරුවාණන් වග, ඔබේ මිදුම්කරුවාණන් වග, යාකොබ්ගේ බලවන්තයාණන් වග ඔබ දැනගනු ඇත.
යෙසායා 60:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ