සෙෆනියා 2:1-3
සෙෆනියා 2:1-3 SCV
එක් රැස්වනු, එම්බා නිර්ලජ්ජිත ජාතිය, එක් රැස්වනු! ඒ දවස බොල් පොතු මෙන් පහව යන නියම කරන ලද කාලය උදාවන්නට පෙර, ස්වාමින්වහන්සේගේ රුදුරු කෝපය ඔබ පිට පතිත වන්නට පෙර, ස්වාමින්වහන්සේගේ උදහසේ දවස ඔබ පිට පතිත වන්නට පෙර එක් රැස්වනු. උන්වහන්සේ අණ කරන දෑ කරන, දේශයේ නිහතමානීන් වන ඔබ හැම ස්වාමින්වහන්සේ සොයන්න; දමිටුකම සොයන්න, නිහතමානීත්වය සොයන්න; එවිට ඇතැම් විට, ස්වාමින්වහන්සේගේ කෝපයේ දවසේදී ඔබට ආවරණයක් ලැබෙනු ඇත.




