සෙකරියා 9:9-10
සෙකරියා 9:9-10 SCV
හොඳහැටි ප්‍රීති වන්න. එම්බා සියොන් දියණිය, ජය ගොස නගන්න. එම්බා යෙරුසලම් දියණිය, මෙන්න, ඔබේ රජ ඔබ වෙත එයි. උන්වහන්සේ ධර්මිෂ්ඨ ය, ගැලවීම ඇති තැනැත්තා ය. නිහතමානී ව බූරුවකු පිට නැග, දෙනකගේ පැටවකු වන වස්සකු පිට එයි. එප්‍රායිම් වෙතින් යුද්ධ රථ ද යෙරුසලම වෙතින් යුද්ධ-අශ්වයින් ද මම සිඳ දමන්නෙමි. සටනට ගන්නා දුණු-හී ද කැඩී බිඳෙනු ඇත. එතුමාණෝ ජාතීන් වෙත සාමය ප්‍රකාශ කරන සේක. එතුමාණන්ගේ රාජ්‍යය මුහුදින් මුහුදටත්, ගංගාවේ පටන් පොළෝ සීමාන්ත දක්වාත් ය.

![[Certainty In The Uncertainty Series] The Plan of God and Response of Man සෙකරියා 9:9-10 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F21096%2F1440x810.jpg&w=3840&q=75)



