සෙකරියා 8:1-8
සෙකරියා 8:1-8 SCV
සේනාංකවල ස්වාමින්වහන්සේගේ වචනය යළිත් පැමිණියේ ය. සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “සියොන උදෙසා මම මහත් වූ ඊර්ෂ්‍යාවකින් ඊර්ෂ්‍යා වන්නෙමි. ඇය උදෙසා වූ ඉමහත් උදහසකින් මම ඊර්ෂ්‍යා කරන්නෙමි.” ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මම සියොන වෙත ආපහු හැරී එන්නෙමි. අවුත්, යෙරුසලමෙහි වාසය කරන්නෙමි. එවිට යෙරුසලම විශ්වාසවන්ත පුරවරය නමින් හැඳින්වෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේගේ කන්ද, ශුද්ධ කන්ද නමින් හැඳින්වෙනු ඇත.” සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නැවත වරක් හොඳ මහලු වයසේ වූ ගැහැණු-පිරිමි, වැඩිහිටි අය ඔවුන්ගේ වයෝවෘද්ධ භාවය නිසා සැරයටියක් ද අතැතිව යෙරුසලමේ වීදිවල වාඩිවනු ඇත. කෙළි සෙල්ලම් කරන දරු දැරියන්ගෙන් එපුර වීදි පිරී යනු ඇත.” සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “එකල මේ ජනයාගෙන් ඉතිරි ස්වල්ප දෙනාට එය අරුමයක් සේ පෙනී ගිය හැකි ය. එහෙත් මට එය අරුමයක් වේ දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නැගෙනහිර හා බටහිර රටවලින් මගේ ජනයා මම මුදා ගන්නෙමි. යෙරුසලමෙහි වාසය කරන පිණිස, මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔවුහු මගේ ජනයා වන්නෝ ය. විශ්වාසවන්තකමින් හා දමිටුකමින් මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.”




