සෙකරියා 3:5-7
සෙකරියා 3:5-7 SCV
එවිට මම, “ඔහුගේ හිසේ ඔවුන් පිරිසිදු තලප්පාවක් බැඳපුදෙන්” යි කීවෙමි. එකල ඔවුහු, ස්වාමින්වහන්සේගේ දූතයා පසෙකින් සිටියදී ඔහුගේ හිසේ පිරිසිදු තලප්පාවක් බැඳ, ඔහුට ඇඳුම් හැඳවූහ. ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා යෝෂුවාට තදින් නියෝග කරමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඔබ මගේ මාර්ග අනුගමන කරමින්, මගේ නියමයන් ඉටු කරන්නේ නම්, ඔබ මගේ ගෘහය පාලනය ද මගේ මණ්ඩපවල බාරකාරත්වය ද ඔබට ලැබෙනු ඇත. මේ සිටගෙන සිටින්නවුන් අතරේ මෙහි ළඟා වීමේ වරම ද මම ඔබට දෙන්නෙමි.’





