සෙකරියා 3:1-2
සෙකරියා 3:1-2 SCV
ඉන්පසු ඔහු මට පෙන්වූයේ යෝෂුවා උත්තම පූජකයා, ස්වාමින්වහන්සේගේ දූතයා ඉදිරිපිට සිටගෙන සිටිනු හා ඔහුට චෝදනා කරන පිණිස සාතන් දකුණු පසෙහි සිටගෙන සිටින අයුරු ය. එවිට සාතන් ඇමතූ ස්වාමින්වහන්සේ, “සාතන්, ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! යෙරුසලම තෝරාගත් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! මොහු ගින්නෙන් ඉවතට ඇදගත් ගිනි පෙනෙල්ලක් නො වේ දැ?” යි කී සේක.





