සෙකරියා 2:2-5
සෙකරියා 2:2-5 SCV
මම ඔහු අමතමින්, “ඔබ යන්නේ කොහේ දැ?” යි ඇසීමි. “යෙරුසලම මනින්නට; එය කොතෙක් දිග ද කෙතෙක් පළල දැයි බලන පිණිස යැ” යි ඔහු පිළිතුරු දිණි. එවිට මෙන්න, මා හා කතා කළ දේව දූතයා ඉදිරියට එත් ම, ඔහු හමුවීමට පැමිණි වෙනත් දේව දූතයෙක් ඔහුට කතා කොට, “දුවන්න; දුව ගොස් අර තරුණයාට මෙසේ කියන්න: ‘යෙරුසලම, එහි වෙසෙන්නට යන අධික ජනගහනය ද සතුන්-සීපාවුන් ද නිසා පවුරු නැතිව පවතිනු ඇත. මම ඇය වටා ගිනි පවුරක් වෙන්නෙමි. ඇය මධ්‍යයෙහි මම එහි තේජාලංකාරය වන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.





