සෙකරියා 1
1
ආපසු එන්නැයි කැඳවීම
1දාරෙයාවෙෂ්#1:1 දාරෙයාවෙෂ් ග්‍රීක් දාරියුස් රජුගේ දෙවන වසරේ අට වන මස ස්වාමින්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍ර, බෙරෙකියාගේ පුත්‍ර, දිවැසිවර සෙකරියා වෙත පැමිණියේ ය:
2“ඔබගේ පියවරුන් කෙරෙහි ස්වාමින්වහන්සේ බෙහෙවින් උරණ ව ඇත. 3එබැවින්, ඔවුනට මෙසේ පවසන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ කියන්නේ මෙයයි: ‘මා වෙත හැරී එන්නැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘එවිට මමත් ඔබ වෙත හැරී එන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. 4ඔබේ පියවරුනට අනුව නො යන්න; පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතමින්, ‘නුඹලාගේ දුෂ්ටකමින් ද දුෂ්ට ක්‍රියාවලින් ද ඉවත හැරෙනු’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේකැයි ඔවුන්ට ප්‍රකාශ කළහ. එහෙත් ඔවුන් මට සවන් දුන්නේවත්, අවධානය යොමු කළේවත් නැතැයි ස්වාමින්වහන්සේ කියන සේක. 5නුඹලාගේ ඒ පියවරුන් දැන් කොහේ ද? ඒ දිවැසිවරු සැමදා ජීවත්වන්නෝ ද? 6එහෙත් මගේ මෙහෙකරුවන් වන ඒ දිවැසිවරුනට මා අණ කළ මගේ වචන හා මගේ නියෝග ඔබගේ මුතුන් මිත්තන් පසු පස හඹා ගොස්, ඔවුන් අල්ලා ගත්තේ නැති ද?
“එවිට පසුතැවිලි වූ ඔවුහු, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ අප ගැන, අපගේ මාර්ගවලට හා අපගේ ක්‍රියා කලාපයට අනුව අදිටන් කර තිබූ පරිදි අපට කළ සේකැ’ යි” කීහ.
මරඳ ගස් අතර අසරුවා
7එකොළොස් වන මස, ෂෙබාට් නම් වූ මාසයේ විසිහත් වන දවසේ, දාරෙයාවෙෂ් රජුගේ දෙවන වසරේ ස්වාමින්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍ර, බෙරෙකියාගේ පුත්‍ර, දිවැසිවර සෙකරියා වෙත පැමිණියේ ය.
8එදින රැයේ මම දර්ශනයක් දුටිමි. මෙන්න! රතු අසකු පදවන මිනිසෙක් මා ඉදිරිපිට! දෙණියේ රට මරඳ ගස් අතරේ ඔහු සිටගෙන සිටිනු පෙනිණි. ඔහු පිටුපසින් රතු, දුඹුරු හා සුදු අශ්වයෝ වූහ.
9එවිට මම, “මේ කවරහු ද මැතිඳුනි?” යි ඇසීමි.
මා හා කතා කළ දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔවුන් කවුරු ද කියා මම ඔබට පෙන්වන්නෙමි” යි පැවසී ය.
10ඉන්පසු රට මරඳ ගස් අතරේ සිටි මිනිසා පිළිතුරු දෙමින්, “පොළොව මුළුල්ලේ සැරිසරන පිණිස, ස්වාමින්වහන්සේ විසින් යවනු ලැබූවෝ මොවුහු යැ” යි පැවසී ය.
11එවිට ඔවුහු රට මරඳ ගස් අතරේ සිටගෙන සිටි ස්වාමින්වහන්සේගේ දූතයාට කරුණු සැල කරමින්, “අපි පොළොවේ සැරි සැරීමු; ඔන්න! පොළොව පුරා සාමකාමී පරිසරයක් ඇති බැව් දුටුවෙමු” යි පැවසූහ.
12එකල ස්වාමින්වහන්සේගේ දූතයා කතා කරමින්, “අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, මේ හැත්තෑ වසරක් ම ඔබවහන්සේ උදහස පෑ යෙරුසලමටත්, යූදාහි සෙසු නගරවලටත් තව කොපමණ කල් අනුකම්පා නො කරන සේක් දැ?” යි ඇසී ය. 13එකල මා හා කතා කළ දේව දූතයාට ස්වාමින්වහන්සේ කාරුණික, සහනදායී වදනින් පිළිතුරු දුන් සේක.
14එබැවින් මා හා කතා කළ දේව දූතයා එකල මා අමතමින් මෙසේ පැවසී ය. “මෙසේ හඬ ගා කියන්න: ‘මම යෙරුසලම හා සියොන ගැන දැඩි සේ ඊර්ෂ්‍යා වන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. 15‘එහෙත්, අහංකාරී නො සැලකිල්ලෙන් සිටින ජාතීන් කෙරේ මගේ කෝපය අති මහත් ය. මන්ද ඉශ්‍රායෙල් කෙරේ මම මදක් පමණක් කෝප වූ කල, ඔවුහු විපත්තිය බලවත් කළහ.’
16“එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘දයාවෙන් යුතු ව මම යෙරුසලම වෙත හැරී එන්නෙමි. එහිදී මගේ ගෘහය යළි ගොඩ නගනු ලබනු ඇත. මිනුම් පටියක් යෙරුසලම පිට ද එලනු ලැබේ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
17“යළි හඬ නගන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක: ‘මගේ පුර නගර නැවතත් යස ඉසුරින් පිරී ඉතිරී යනු ඇත. ස්වාමින්වහන්සේ යළිත් සියොනට සහනය සලසා, යෙරුසලම තමන් තෝරාගත් නගරය කරනු ඇත.’ ”
අං සතර සහ කර්මාන්ත ශිල්පීන් සතර
18ඉන්පසු මම ඇස් ඔසවා බැලීමි. එවිට මෙන්න! මා ඉදිරියෙහි අං සතරක්! 19මා හා කතා කළ දේව දූතයා ඇමතූ මම, “මේ මොනවා දැ?” යි ඇසීමි.
“යූදා, ඉශ්‍රායෙල් හා යෙරුසලම විසුරුවා හළ අං මේවා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
20එකල ස්වාමින්වහන්සේ කර්මාන්ත ශිල්පීන් හතර දෙනකු මට පෙන් වූ සේක. 21“ඔවුන් එන්නේ කුමක් කරන්නට දැ?” යි මම ඇසීමි.
ඔහු උත්තර දෙමින්, “කිසිවකුට හෝ හිස එසවිය නො හැකි වන සේ, ඒ අං විසින් යූදා දේශ වාසීන් විසුරුවා හළ නමුදු, මේ කර්මාන්ත ශිල්පීන් පැමිණ ඇත්තේ, ඒ පීඩකයින් භය ගැන්වීමට ය; යූදා දේශ වාසීන් විසුරුවා, ඊට එරෙහිව තමන්ගේ අං උසස් කර ගත් ජාතීන් භය ගන්වා, ඒ ජාතීන්ගේ අං බිඳ දැමීමට යැ” යි පැවසී ය.
Currently Selected:
සෙකරියා 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: