YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 1:1-6

සාලමොන්ගේ ගීතය 1:1-6 SCV

අනගිතම ගීතය වන සාලමොන්ගේ ගීතය. ඔහුගේ මුවේ හාදුවලින් මා සිප ගනීවා; මන්ද ඔබගේ ප්‍රේමය මිදි යුෂවලට වඩා ප්‍රමෝද ජනක ය. ඔබගේ විලවුන් සුවඳ ප්‍රිය ජනක ය; ඔබගේ නාමය සුවඳ විලවුන් වෑස්සෙන්නා වැන්න. එබැවින් කන්‍යාවියෝ ඔබට පෙම් බඳිති. ඔබ සමඟ මා ගෙන යන්න; එන්න, අපි එක් ව දුවමු; රජතුමා තම කුටියට මා කැන්දන් යේවා! අපි ඔබ ගැන ප්‍රීති වන්නෙමු; ප්‍රමෝද වන්නෙමු; මිදි යුෂවලට වඩා ඔබේ ප්‍රේමය වර්ණනා කරන්නෙමු. ඔවුන් ඔබට ආදරය කිරීම කොතරම් නිවැරදි ද! එම්බා යෙරුසලම් දූවරුනි, මා කළුයි, එහෙත් මා සුන්දරයි; හරියට කේදාර්හි කූඩාරම් වගේ; සාලමොන්ගේ කූඩාරම් තිර වගේ. මා කළු නිසා මා දෙස ඔහොම බලා සිටින්න එපා; මා කළු වී සිටින්නේ අව්-රැස් වැදීමෙනි; මගේ මවගේ පුත්තු මා හා නො මනාපෙන්, මිදි වතු බලාගන්නට මා යෙදවූයෙන්, මගේ ම මිදි වත්ත බලාගැනීම මට අතපසු වුණා.

Free Reading Plans and Devotionals related to සාලමොන්ගේ ගීතය 1:1-6