රූත් 4:13-17
රූත් 4:13-17 SCV
බෝවස් මෙසේ, රූත් අත්කර ගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇය හා එක් වූ කල, ඇයට ගැබ් ගන්නට ස්වාමින්වහන්සේ සැලසූ සේක. ඈ පුතකු බිහි කළා ය. එවිට කාන්තාවෝ නායොමි අමතමින්, “අද දවසේ, මිදීම සිදු කළ හැකි නෑයකු ඔබට අහිමි නො කළ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ඔහුගේ නාමය ඉශ්‍රායෙලය පුරා කීර්තිමත් වේවා! ඔහු, ඔබට ජීවිතය අලුත් කරන්නෙක් ද ඔබේ මහලු වියේදී ඔබ නඩත්තු කරන්නෙක් ද වේවා! මන්ද, ඔහු බිහි කරනු ලැබ ඇත්තේ, ඔබට ප්‍රේම කරන, පුතුන් හත් දෙනකුටත් වඩා ඔබට අගනා ඔබේ ලේළිය විසිනැ” යි කීහ. එවිට නායොමි දරුවා ගෙන, තම උකුළේ හොවා, ඔහුගේ ඇතිදැඩි කරන්නිය වූවා ය. අසල්වැසි කාන්තාවෝ, “නායොමිට පුතකු ඉපදී ඇතැ” යි කියමින්, ඔහුට ඕබේද් යන නම තැබූහ. දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පියා ඔහු ය.

![[Ruth] Realizing the Covenant Relationship රූත් 4:13-17 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F33890%2F1440x810.jpg&w=3840&q=75)



