රූත් 3:10-13
රූත් 3:10-13 SCV
ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මා දියණිය. පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයින් පස්සේ නො යෑමෙන්, ඔබ දක්වා ඇත්තේ මුලින් දැක්වූවාට වඩා වැඩි පක්ෂපාතීත්වයක්. එබැවින් දැන් මා දියණියනි, භය වන්න එපා. ඔබ ඉල්ලූ සියල්ල මා ඔබට ඉටු කර දෙන්නම්. ඔබ උදාර කාන්තාවක වග මගේ සහෝදර නගර වාසී සැවොම දනිති. කෙසේ වෙතත් මා මිදීම සිදු කළ හැකි නෑයකු බව ඇත්තයි; එහෙත් මට වඩා ළඟ නෑයකු සිටී. මේ රැය මෙහි ගත කරන්න. හෙට උදෑසන, මිදීම සිදු කළ හැකි නෑයාගේ වගකීම ඉටු කරන්නට ඔහු කැමති වුණොත් හොඳයි. ඔහු එසේ කළා වේ! එහෙත් ඔහු මිදීම සිදු කරන්නට අකමැති නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මම මිදීම ඉටු කරන්නෙමි. පහන් වන තුරු හාන්සි වී සිටින්නැ” යි කීවේ ය.
![[Ruth] Remaining in the Covenant Relationship රූත් 3:10-13 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F33889%2F1440x810.jpg&w=3840&q=75)




