රූත් 3:1-5
රූත් 3:1-5 SCV
ඇගේ නැන්දම්මා, නායොමි ඇය අමතමින්, “මගේ දූ, ඔබට හොඳ කල දවසක් යන ලෙස සෙවණක් සලසා දීමට මා උත්සාහ කළ යුතු නො වේ ද? ඔබ සමඟ වැඩ කළ තරුණියන්ගේ හාම්පුතා, බෝවස්, අපේ නෑයෙක් නො වේ ද? අන්න! අද රෑ කමතේදී ඔහු යව පොළන්නේ ය. එබැවින් දැන් නාගෙන, විලවුන් ගල්වා, ඔබේ හොඳ ම ඇඳුමින් සැරසී, කමතට බැස යන්න. එහෙත්, ඔහු කා, බී නිම වන තෙක්, ඔබ එහි සිටින වග ඔහුට දැනගන්නට ඉඩ නාරින්න. ඔහු නිදන්නට හාන්සි වන කල, ඔහු නිදන තැන හොඳින් බලා, පසුව ගොස්, ඔහුගේ පා නිරාවරණ කොට, එහි දිගා වෙන්න. කළ යුතු දේ ඔහු ඔබට කියනු ඇතැ” යි පැවසුවා ය. එවිට ඈ, “ඔබ කියන කවර දෙයක් වුව කරන්නෙමි” යි පිළිතුරු දුන්නා ය.
![[Ruth] Remaining in the Covenant Relationship රූත් 3:1-5 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F33889%2F1440x810.jpg&w=3840&q=75)




