රූත් 2:21-23
රූත් 2:21-23 SCV
එවිට, මෝවබිය රූත්, “එපමණක් නො වේ; ඔහු මා අමතමින්, ‘මගේ අස්වනු සියල්ල ඔවුන් නෙළා අවසන් වන තෙක්, මගේ වැඩකරුවන් සමඟ සිටින්න’ කියා ද කීවේ යැ” යි කීවා ය. එවිට නායොමි තම ලේලී වූ රූත් අමතමින්, “ඔහුගේ සේවක තරුණියන් සමඟ යෑම, ඔබට හොඳයි මගේ දූ. වෙනත් කෙනකුගේ කුඹුරකදී ඔබට අතවර විය හැකි යැ” යි පැවසුවා ය. එබැවින් ඈ, කරල් ඇහිඳිමින් යව අස්වනු නෙළීම හා තිරිඟු අස්වනු නෙළීම අවසන් වන තෙක් ම බෝවස්ගේ සේවක තරුණියන් ළඟින් ම සිටියා ය. ඇය වාසය කළේ ඇගේ නැන්දම්මා සමඟ ය.

![[Ruth] Recognizing the Covenant Relationship රූත් 2:21-23 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32171%2F1440x810.jpg&w=3840&q=75)



