රූත් 1:1-2
රූත් 1:1-2 SCV
විනිසුරුවන්ගේ පාලන සමයේ, දේශයේ සාගතයක් ඇති විය. යූදාහි බෙත්ලෙහෙම් පුර එක් මිනිසෙක්, තම බිරිඳ හා තම පුතුන් දෙදෙනා කැටිව, මද කලක් වෙසෙනු පිණිස, මෝවබ් රටට ගියේ ය. ඒ මිනිසාගේ නම වූයේ, එලීමෙලෙක් ය. ඔහුගේ බිරිඳගේ නම නායොමි ය. ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් වූයේ, මාලොන් හා කිලියොන් ය. ඔවුහු යූදාහි බෙත්ලෙහෙමේ එෆ්‍රාත්වරු වූහ. මෝවබ් රටට ගිය ඔවුහු, එහි නැවතුණහ.

![[Ruth] Returning to a Covenant Relationship රූත් 1:1-2 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32172%2F1440x810.jpg&w=3840&q=75)



