රෝම 9:19-21
රෝම 9:19-21 SCV
ඔබ මට මෙසේ පවසනු ඇත: “උන්වහන්සේ තවමත් දොස් පවරන්නේ ඇයි? උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමට පුළුවන් කවරකුට ද?” එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකටෙක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද? එක ම මැටි පිඩකින් එක් බඳුනක් උසස් කටයුත්තක් සඳහාත්, අනෙකක් නො වැදගත් කටයුත්තක් සඳහාත් හදන්නට කුඹල්කරුට අයිතිය නැද්ද?





