YouVersion Logo
Search Icon

රෝම 8:20-28

රෝම 8:20-28 SCV

මන්ද මැවිල්ල නිෂ්ඵල භාවයට ඇද දමනු ලැබ ඇත්තේ, එහි කැමැත්තෙන් නො ව, එය බලාපොරොත්තුවෙන් යටත් කළ තැනැත්තාණන් නිසා ය. එනම්, මැවිල්ල ජරාපත් වීමේ වහල් බැම්මෙන් මුදනු ලැබ, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ තේජවත් නිදහස අත්කර දීමට ය. මන්ද මුළු මහත් මැවිල්ල ම එක් ව මේ දක්වාත් ප්‍රසව වේදනාවෙන් කෙඳිරි ගානා බව අපි දනිමු. එපමණකුදු නො ව ආත්මයාණන්ගේ ප්‍රථම පල ලැබූ අපත්, අපගේ ශාරීරික මිදීම වන පුත්‍රකමට පිළිගැනීම පුල පුලා බලා හිඳිමින්, ඇතුළු හදින් කෙඳිරි ගාන්නෙමු. මන්ද අප ගලවනු ලැබ ඇත්තේ මෙම බලාපොරොත්තුවෙනි. දකින්නට තිබෙන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නො වේ. මන්ද තමන්ට පෙනෙන දේ ගැන බලාපොරොත්තු ඇතිකර ගන්නේ කවුරු ද? එහෙත් අපට නො පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැන ඉවසිල්ලෙන් බලා හිඳිමු. එපරිදි අපේ දුර්වලතාවලදී ආත්මයාණෝ අපට උපකාර කරන සේක. යුතු පරිදි අප යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාදැයි අප දන්නේ නැත. එහෙත් ආත්මයාණෝ ම වචනයෙන් කිව නො හැකි කෙඳිරීම් මගින් අප උදෙසා මැදිහත් වන සේක. හදවත් සෝදිසි කරන තැනැන්වහන්සේ, ආත්මයාණන්ගේ මනස දන්නා සේක. මන්ද ආත්මයාණන් ශුද්ධවතුන් උදෙසා මැදිහත් වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ය. තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක් ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.