YouVersion Logo
Search Icon

රෝම 7:14-22

රෝම 7:14-22 SCV

මන්ද ව්‍යවස්ථාව ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි. මගේ ම හැසිරීම ගැන මට ම නො තේරේ. මන්ද මා කරන්නේ, කරන්නට මට ඕනෑ වූ දේ නො ව, කරන්නට මා අකමැති දේ ය. තවද මා කරන්නේ, කරන්නට මා අකමැති දේ නම්, ව්‍යවස්ථාව යහපත් වගට මම එකඟ වෙමි. එබැවින් තවදුරටත් එය කරන්නේ මා නො වේ; මා තුළ වෙසෙන පාපයයි. මන්ද මා තුළ, මගේ මාංසය තුළ කිසි යහපතක් වෙසෙන්නේ නැති වග මම දනිමි. මන්ද හරි දේ කිරීමේ ආශාව මට ඇතත්, ඒ දේ කිරීමේ හැකියාව මට නැත. මන්ද මා දිගට ම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි. මෙසේ මා කරන්නේ, කරන්නට මා අකමැති දෙය ම නම්, තවදුරටත් එසේ කරන්නේ, මා නො ව, මා තුළ වෙසෙන පාපයයි. මෙසේ, යහපත කරන්නට මට ඕනෑ කරන හැම විට, නපුර අත ළඟ ම ලැග සිටීමේ නීතියක් ක්‍රියාත්මක බැව් මට පෙනේ. මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රමෝද වන්නෙමි.