රෝම 7:1-4
රෝම 7:1-4 SCV
සහෝදරයිනි, මා කතා කරන්නේ නීතිය දන්නා අයට ය; නීතිය කෙනකුට බලපවත්වන්නේ ඔහු ජීවත් ව සිටින තෙක් පමණක් වග ඔබ දන්නේ නැති ද? එපරිදි විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත් ව සිටින තුරු, නීතියෙන් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා මළහොත්, ඔහුට බැඳුණු විවාහ නීතියෙන් ඈ නිදහස් වන්නී ය. තවද ඇගේ ස්වාමිපුරුෂයා ජීවත් ව සිටියදී, ඇය වෙනත් මිනිසකු හා ජීවත්වුණොත්, ඇය පරදාරිකාවකැයි කියනු ලබයි. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයා මළහොත්, ඇය එම බැම්මෙන් නිදහස් වන බැවින්, ඉන්පසු වෙනත් පුරුෂයකු හා විවාහ වුවත්, ඇය පරදාරිකාවක් වන්නේ නැත. මා සහෝදරයිනි, එපරිදි ම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් ව්‍යවස්ථාවට මැරුණහ; එසේ ව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, වෙනත් කෙනකුට එනම් මළවුන්ගෙන් නැගිටුවන ලද තැනැන්වහන්සේට ඔබ බැඳී සිටින පිණිස ය.





