රෝම 6:1-4
රෝම 6:1-4 SCV
එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්‍රහය බහුල වන පිණිස, අප දිගට ම පවෙහි ගැලෙනවා ද? කොහෙත් ම නැත! පාපයට මළා වූ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද? ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද? එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මගින් මරණයට පත් ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය.





