රෝම 2:6-8
රෝම 2:6-8 SCV
උන්වහන්සේ එකිනෙකා කළ දේ අනුව පල විපාක දෙනු ඇත. ඉවසීමෙන් යුතු ව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත. එහෙත් ආත්මාර්ථයෙන් යුතු ව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ.





