YouVersion Logo
Search Icon

රෝම 2:5-11

රෝම 2:5-11 SCV

එහෙත් ඔබේ තද මුරණ්ඩු, පසුතැවිලි නො වන හදවත නිසා ඔබ කරන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරවු කෙරෙන උදහසේ දවස සඳහා උදහස ගොඩ ගසා ගැනීමකි. උන්වහන්සේ එකිනෙකා කළ දේ අනුව පල විපාක දෙනු ඇත. ඉවසීමෙන් යුතු ව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත. එහෙත් ආත්මාර්ථයෙන් යුතු ව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ. නපුර කරන හැම මනුෂ්‍යයකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ. එහෙත් හොඳ වැඩ කරන හැම කෙනකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද තේජසත්, ගෞරවයත්, සාමයත් අත් වේ. මන්ද දෙවියන්වහන්සේ පක්ෂ-භජනයක් දක්වන්නේ නැත.