YouVersion Logo
Search Icon

රෝම 16:17-20

රෝම 16:17-20 SCV

සහෝදරයිනි, ඔබට උගන්වන ලද දහමට පටහැනි ව බෙදීම් හා බාධා ඇති කරන්නන් ගැන අවධානයෙන් සිටින ලෙස උදක් ම ඔබෙන් ඉල්ලමි. ඔවුන් මගහරින්න. එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේ ම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති. ඔබගේ කීකරුකමේ කීර්තිය හැමට ම දැනගන්නට ලැබී ඇත, එබැවින් ඔබ ගැන මම ප්‍රීති වෙමි. එහෙත් ඔබ, හොඳ දෑ ගැන ප්‍රඥාවන්තයින් වී, නපුර ගැන අහිංසකයින් වීම මගේ කැමැත්තයි. සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත.

Free Reading Plans and Devotionals related to රෝම 16:17-20