YouVersion Logo
Search Icon

රෝම 15:9-13

රෝම 15:9-13 SCV

උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය: “එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි, ඔබගේ නාමයට ගී ගයන්නෙමි.” නැවතත්, “එම්බා අන්‍ය-ජාතීනි, උන්වහන්සේගේ ජනයා සමඟ ප්‍රීති වන්න.” නැවතත්, “සියලු අන්‍ය-ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; සියලු ජනයා උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!” නැවතත් යෙසායා මෙසේ කියයි, “ජාතීන්ට රජකම් කිරීමට නැගිටින, යෙස්සේගේ මුල වූ කෙනෙක් පැමිණෙනු ඇත. අන්‍ය-ජාතීන්ගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ වනු ඇත.” ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!

Free Reading Plans and Devotionals related to රෝම 15:9-13