රෝම 14:1-3
රෝම 14:1-3 SCV
ඇදහිල්ලෙහි දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ. යමෙක් කවර දෙයක් වුව කෑ හැකියයි විශ්වාස කරන අතර, දුර්වල තැනැත්තා එළවළු පමණක් ආහාරයට ගනියි. කවර දේත් අනුභව කරන තැනැත්තා, එසේ නො කන තැනැත්තා පහත් කොට නො සැලකිය යුතු ය; හැම දේ නො කන තැනැත්තා, හැම දේ අනුභව කරන තැනැත්තා විනිශ්චය නො කළ යුතු ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු පිළිගෙන ඇති බැවිනි.





