YouVersion Logo
Search Icon

රෝම 13:8-14

රෝම 13:8-14 SCV

එකිනෙකාට ප්‍රේම කිරීම ගැන මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, ව්‍යවස්ථාව සම්පූර්ණ කරයි. “පරදාර සේවනය නො කරනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, තණ්හා නො වනු,” යන ආඥා හා සෙසු ආඥා, “ඔබට ම සේ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන වචනයේ සම්පිණ්ඩනය වී ඇත. ප්‍රේමය අසල්වැසියාට හානියක් කරන්නේ නැත. එබැවින් ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය ප්‍රේමයයි. මේ හැර, නින්දෙන් ඔබ අවදි විය යුතු පැය පැමිණ ඇති වග, කාලය දන්නා ඔබ දනී; මන්ද මුලින් අප අදහාගත් කාලයට වඩා අපේ ගැලවීම දැන් ආසන්න ය. රාත්‍රිය බොහෝ සෙයින් ගෙවී ගොසිනි; දහවල අත ළඟ ය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවි පැලඳ ගනිමු. මධුපානෝත්සව හා බේබදුකම ද ලිංගික අපචාර හා සල්ලාලකම ද අඩ දබර හා ඊර්ෂ්‍යාව ද තුළ නො ව, දහවලට ඔබින සේ ශිෂ්ට සම්පන්න ව කටයුතු කරමු. ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න.

Free Reading Plans and Devotionals related to රෝම 13:8-14