රෝම 13:7-10
රෝම 13:7-10 SCV
ගෙවිය යුතු හැමට ගෙවන්න; වරිපණම් ගෙවිය යුත්තාට වරිපණම් ද බදු ගෙවිය යුත්තාට බදු ද ගෙවන්න. අවනත විය යුත්තාට අවනත වන්න. ගරු කළ යුතු අයට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම ගැන මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, ව්‍යවස්ථාව සම්පූර්ණ කරයි. “පරදාර සේවනය නො කරනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, තණ්හා නො වනු,” යන ආඥා හා සෙසු ආඥා, “ඔබට ම සේ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන වචනයේ සම්පිණ්ඩනය වී ඇත. ප්‍රේමය අසල්වැසියාට හානියක් කරන්නේ නැත. එබැවින් ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය ප්‍රේමයයි.





