රෝම 11
11
ඉශ්‍රායෙල්ගේ ඉතිරි ස්වල්ප දෙනා
1එසේ නම් මා අසන්නේ, දෙවියන්වහන්සේ ස්වකීය ජනයා අත්හැරිය සේක් ද? කොහෙත් ම නැත! මමත් ඉශ්‍රායෙලයෙක්මි. ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතෙන බෙන්යමින් ගෝත්‍ර වංශිකයෙක්මි. 2දෙවියන්වහන්සේ තමන් පෙර-දැන සිටි තම ජනයා අත් නො හළ සේක. එලියා ගැන ශුද්ධ ලියවිල්ලේ කියන දේ, ඔහු ඉශ්රායෙල්ට එරෙහිව දෙවියන්වහන්සේට ආයාචනා කළ හැටි, ඔබ දන්නේ නැති ද? 3“ස්වාමිනි, ඔවුන් ඔබගේ දිවැසිවරුන් මැරුවා. ඔබගේ පූජාසනය බිඳ දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මගේ ජීවිතය නසන්නටත් සොයනවා.”#11:3 1 රාජා 19:10,14 4එවිට කුමක් ද ඔහුට දෙවියන්වහන්සේගේ පිළිතුර? “බාල් දෙවියාට දණ නො නැමූ මිනිසුන් හත්දහසක් මම මට ඉතිරි කර ගෙන සිටිමි”#11:4 1 රාජා 19;18 යනුයි. 5එසේ ම මේ වත්මනේදී ද අනුග්‍රහයෙන් තෝරා ගන්නා ලද ඉතිරි ස්වල්ප දෙනකු ඇත. 6එය අනුග්‍රහයෙන් නම්, තවදුරටත් ක්‍රියා මගින් නො වේ. නැතහොත් අනුග්‍රහය, අනුග්‍රහයක් වන්නේ නැත.
7එසේ නම් කුමක් ද? ඉශ්රායෙල් සොයා ගිය දේ අත්කර ගැනීමට එයට නො හැකි විය. එහෙත් තෝරාගනු ලැබූ අය එය අත්කර ගත්හ. සෙසු අයගේ සිත් දැඩි කරන ලද්දේ, 8මෙසේ ලියා ඇති පරිද්දෙනි:
“දෙවියන්වහන්සේ ඔවුනට සිහිමුළා ආත්මයක් ද
නො පෙනෙන ඇස් ද
නෑසෙන කන් ද
මේ අද දවස දක්වා ම දුන් සේක.”#11:8 ද්වි 29;4; යෙසා 29;10
9තවද දාවිත් මෙසේ කියයි:
“ඔවුන්ගේ භෝජන මේසය, ඔවුන්ට මලපතක් හා උගුලක් ද
බාධක කඩුල්ලක් හා දුර්විපාකයක් ද වේවා.
10නො පෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරු වේවා.
ඔවුන්ගේ පිටකොන්ද සදහට ම නැමී යේවා”#11:10 ගීතා 69:22,23
යනුවෙනි.
බද්ධ කරනු ලැබූ අතු
11දැන් මා අසන්නේ, ඔවුන් පැකුළුණේ වැටී යන පිණිස ද? කොහෙත් ම නැත! එසේ ඉශ්රායෙල් ඊර්ෂ්‍යාවට පත් කරන පිණිස, ඔවුන්ගේ වරද හේතු කොට අන්‍ය-ජාතීන්ට ගැලවීම පැමිණවීමට ය. 12මෙසේ ඔවුන්ගේ වරද, ලෝකයාට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පිරිහීම, අන්‍ය-ජාතීන්ට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පූර්ණත්වය, කොයි තරම් ඉමහත් සමෘද්ධියකට හේතු වේ ද?
13මා දැන් කතා කරන්නේ අන්‍ය-ජාතිකයින් වූ ඔබට ය. මා අන්‍ය-ජාතිකයින්ගේ අපෝස්තුලුවරයා බැවින්, මම මගේ මෙහෙයය උතුම් කොට සලකමි. 14හේතුව, කෙලෙස හෝ මගේ ම ජනයා ඊර්ෂ්‍යා ගන්වා, එමඟින් ඔවුන් කීප දෙනකු හෝ ගැලවීමයි. 15මන්ද ඔවුන් ඉවතලීම සෙසු ලෝකයා සමඟි කිරීම වී නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස අන් කවරේ ද? 16නාඹුල් පල වශයෙන් ඔප්පු කරන පිටි ස්වල්පය පවිත්‍ර නම්, ඇනූ පිටි ගුලිය ම පවිත්‍ර ය. ගසේ මුල පවිත්‍ර නම් එහි අතුත් පවිත්‍ර ය.
17එහෙත් අතු සමහරක් කඩා දමනු ලදුව, වල් ඔලීව රිකිල්ලක් වන ඔබ අනෙක් අතු අතරේ ගසට බද්ධ කරනු ලැබ, ඔබ ඒ ඔලීව මුලේ පෝෂණ සාරයට කොටස්කරුවකු වී නම්, 18අතුවලට එරෙහිව උදාරම් නො වන්න. උදාරම් වේ නම් මෙය සිතට ගන්න: මුල ඔබෙන් නඩත්තු වෙනවා නො වේ; මුලෙන් නඩත්තු වන්නේ ඔබයි. 19“ගසට මා බද්ධ කරනු පිණිස, අතු කඩා දමන ලදැ” යි ඔබ කියනු ඇත. 20එය ඇත්තයි, ඒවා කඩා දමන ලද්දේ ඔවුන්ගේ නො ඇදහිල්ල හේතුවෙනි. ඔබ සිට ගත්තේ ඇදහිල්ල නිසාවෙනි. එබැවින් අහංකාර නො වී, එහෙත් බයින් සිටින්න. 21මන්ද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතිරි නො කළ සේක් නම්, ඔබත් ඉතිරි නො කරනු ඇත.
22එබැවින්, දෙවියන්වහන්සේගේ කාරුණික භාවයත්, දැඩි භාවයත් කල්පනාවට ගන්න. වැටී ගියවුන් වෙත දැඩි භාවය ය; උන්වහන්සේගේ කරුණාවෙහි ඔබ පැවත සිටින්නේ නම්, ඔබට දෙවියන්වහන්සේගේ කාරුණික භාවය ය. එසේ නො වුවහොත්, ඔබ ද කපා දැමේ. 23එසේ ම ඔවුහු තම නො ඇදහිලිවත්කමෙහි දිගට ම නො රැඳේ නම්, යළි බද්ධ කරනු ලබති. මන්ද ඔවුන් යළි බද්ධ කිරීමට දෙවියන්වහන්සේට බලය ඇත. 24ස්වභාවයෙන් වල් ඔලීව ගසකින් කැපූ අතු වූ ඔබ, සිටුවන ලද හොඳ ඔලීව ගසට ස්වභාව ධර්මයට පටහැනි ව බද්ධ කරන ලද්දේ වී නම්, ඊට වඩා කොපමණ පහසුවෙන් ඒ ස්වාභාවික අතු ඔවුන්ගේ ම ඔලීව ගසට බද්ධ කරනු නො ලැබේ ද!
මුළු ඉශ්රායෙල් ගලවනු ලැබීම
25සහෝදරයිනි, ඔබ නැණවත් යයි ඔබ උඩඟු නො වන පිණිස මේ අබිරහස ඔබ දැන නො සිටිනවාට නො කැමැත්තෙමි. ඉශ්රායෙල් වෙත තරමක දැඩිකමක් පැමිණ ඇත්තේ, අන්‍ය-ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තෙක් ය. 26ඒ අයුරින් මුළු ඉශ්රායෙල් ගලවනු ලබන්නෝ ය. ලියා ඇති ලෙස,
“ගැලවුම්කරුවාණෝ සියොනෙහි සිට එන සේක.
එතුමාණෝ යාකොබ් වෙතින් අභක්තිය පහ කරන සේක.
27මා ඔවුන්ගේ පාප දුරලන කල,
ඔවුන් සමඟ මගේ ගිවිසුම මෙය වන්නේ ය.”#11:27 යෙසා 59:20,21;27;9; යෙරමි 31:33,34
28ශුභාරංචියට අදාළ ව ඔවුන් ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ සතුරන් ය; එහෙත් තෝරාගැනුමට අදාළ ව ඔවුන්ගේ ආදි පියවරුන් උදෙසා ඔවුන් ප්‍රේමණීයයන් ය. 29මන්ද දෙවියන්වහන්සේගේ දීමනා හා උන්වහන්සේගේ කැඳවීම අවලංගු කළ නො හැකි ය. 30කලක් දෙවියන්වහන්සේට අකීකරු ව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්, 31ඔවුන් ද දැන් අකීකරුකමෙහි සිටින්නේ, ඔබ ලද දයාව මගින් දැන් ඔවුන් ද දයාව ලබන පිණිස ය. 32මන්ද සියල්ලන් වෙත ම දයාව පානා පිණිස දෙවියන්වහන්සේ ඔවුන් හැම අකීකරුකමෙහි සිර අඩස්සි කළ සේක.
දෙවියන්වහන්සේ වර්ණනා කිරීම
33බලන්න, දෙවියන්වහන්සේගේ සමෘද්ධියේත්, ප්‍රඥාවෙත්, දැනගැන්මෙත් ගැඹුර කොතරම් ද!
උන්වහන්සේගේ විනිශ්චයන් කෙසේවත් සොයා දැනගත හැකි ද!
උන්වහන්සේගේ මාර්ග කොතරම් ගුප්ත ද!
34“ස්වාමින්වහන්සේගේ සිත දැනගත්තේ කවුරු ද?
උන්වහන්සේට උපදේශක වූයේ කවුරු ද?”#11:34 යෙසා 40;13
35“උන්වහන්සේ ආපසු ගෙවන පිණිස
උන්වහන්සේට ත්‍යාගයක් දුන්නේ කවුරු ද?”#11:35 යෝබ් 41;11
36මන්ද සියලු දේ ම උන්වහන්සේගෙනි. උන්වහන්සේ මගිනි. සියලු දේ උන්වහන්සේ උදෙසා ය.
උන්වහන්සේට සදහට ම තේජෝ මහිමය වේවා! ආමෙන්.
Currently Selected:
රෝම 11: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: