එළිදරවු 4
4
ස්වර්ගයේ දර්ශනයක්
1මින් පසුව මම බැලීමි. මෙන්න! ස්වර්ගයේ ඇරී තිබෙන දොරක්. එවිට පළමු ව මට ඇසුණු, හොරණෑවක් වැනි මා ඇමතූ කටහඬ, “මෙහි නැගී එන්න; මින් පසු සිදු විය යුතු දෑ මම ඔබට පෙන්වන්නෙමි” යි කී ය. 2එක්වන ම මා ආත්මයාණන්වහන්සේ තුළ විය. මෙන්න! එවිට ස්වර්ගයේ සිංහාසනයක් මා ඉදිරියේ තිබිණි. ඒ සිංහාසනයේ කෙනෙක් හිඳ සිටි සේක. 3එහි හිඳ හුන් තැනැත්තාණන්ගේ ස්වරූපය සූර්යකාන්ති හා ලෝහිතංකවලට සමාන විය. තවද මරකත මිණකට සමාන දේදුන්නක් සිංහාසනය වටා තිබිණි. 4ඒ සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක් විය; ඒ සිංහාසන මත සුදු ඇඳුම් හැඳි, තම හිස් මත රන් ඔටුනු පැලඳි වැඩිමහල්ලෝ විසිහතර දෙනෙක් හිඳ සිටියහ. 5සිංහාසනයෙන් විදුලි අකුණු ධාරා, ශබ්ද රාව හා මේඝ ගර්ජනා නික්මිණි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන දැල්වෙන පන්දම් හතක් සිංහාසනය ඉදිරිපිට විය. 6තවද පළිඟු මෙන් දිළිසෙන වීදුරු සාගරයක් වැන්නක් සිංහාසනය ඉදිරිපිට විය.
සිහසුන මැද හා අවට ජීවමාන සත්වයින් හතර දෙනෙක් වූහ. ඉදිරියෙන් හා පිටුපසින් උන් ඇස්වලින් වැසී තිබිණි. 7පළමු ජීවමාන සත්වයා සිංහයකු වැනි ය. දෙවන ජීවමාන සත්වයා වස්සකු වැනි ය. තුන් වන ජීවමාන සත්වයාට මිනිසකුගේ මුහුණක් තිබිණ. සිවු වන ජීවමාන සත්වයා ඉගිළෙන රාජාලියකු වැනි ය. 8එක් එක් ජීවමාන සත්වයා පියාපත් හයක් බැගින් යුක්ත ව, පිටතින් හා ඇතුළතින් ඇස්වලින් පිරී සිටියහ. ඔවුහු දිවා රෑ දෙක්හි කිසි විටෙක නො නැවතී, මෙසේ කියති:
“සිටියා වූ, සිටින්නා වූ, මතු ද සිටින්නා වූ,
‘සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ,
ශුද්ධ ය, ශුද්ධ ය, ශුද්ධ ය.’#4:8 යෙසා 6;3”
9සිංහාසනයේ හිඳිනා, සදහට ම, සදාතනික ව ජීවත් වන තැනැන්වහන්සේට ජීවමාන සත්වයින් මහිමය ද ගෞරවය ද ස්තූතිය ද දෙන කවර විටෙක වුව, 10වැඩිමහල්ලෝ විසිහතර දෙනා සිංහාසනයේ හිඳින තැනැන්වහන්සේ අබියස වැඳ වැටී, සදහට ම, සදාතනික ව ජීවත් වන තැනැන්වහන්සේට නමස්කාර කරති. ඔවුහු තම ඔටුනු සිංහාසනය අබියස හෙළා,
11“අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස,
මහිමයත්, ගෞරවයත්, බලයත්, ලබන්ට වටින්නේ ඔබවහන්සේ ය.
මන්ද ඔබ සියලු දේ මැවූ සේක.
ඒවා පවතින්නේත්,
ඒවා මවන ලද්දේත් ඔබගේ කැමැත්තෙනි” යි
පවසති.
Currently Selected:
එළිදරවු 4: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: