YouVersion Logo
Search Icon

එළිදරවු 2:18-26

එළිදරවු 2:18-26 SCV

“තියාතිරාහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: “ගිනි දැල්ලක් වැනි ඇස් හා දිදුලන පිත්තල වැනි පා ඇති දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වචන මෙසේ ය. “ඔබේ වැඩ ද ඔබේ ප්‍රේමය හා ඇදහිල්ල ද ඔබේ සේවය හා ඉවසා දරා ගැනීම ද මෑතදී ඔබේ වැඩ, මුලදීට වඩා වැඩි බව ද මම දනිමි. “එහෙත් තමා දිවැසිවරියකැයි ඇය ම කියා ගන්නා, අර යෙසෙබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මගින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මගේ දාසයින් නොමග යවන්නී ය. ඇගේ ලිංගික අනාචාරය ගැන පසුතැවිලි වන්නට මම ඇයට කල් දුනිමි. එහෙත්, ඇය ඊට කැමති නැත. එබැවින්, විඳවීමේ යහනක මම ඇය හෙළා දමන්නෙමි. ඇය හා පරදාර සේවනයේ යෙදෙන්නන් ඇගේ මාර්ග ගැන පසුතැවිලි නො වේ නම්, ඔවුන් ද ඇය හා දරුණු පීඩාවකට පත් කරමි. මම ඇගේ දරුවන් මරා දමන්නෙමි. එවිට, මනස හා හදවත විමසන තැනැත්තාණන් මා බැව් සියලු සභාවන් දැනගන්නවා ඇත. තවද ඔබ එකිනෙකාගේ ක්‍රියා අනුව මම ඔබට ප්‍රතිවිපාක දෙමි. “එහෙත් එම ඉගැන්වීම් දරන්නේ නැති, ඇතමුන් කියන පරිදි සාතන්ගේ ගැඹුරු රහස් ඉගෙන ගත්තේ නැති, තියාතිරාවේ සිටින සෙසු අය වන ඔබට මම මෙසේ කියමි, ‘අන් කිසි බරක් මා ඔබ පිට පටවන්නේ නැත. ඔබට ඇති දෑ මා එන තුරු තදින් අල්ලාගෙන සිටින්න.’ “ජය ගන්නා වූත්, අවසානය දක්වා මගේ වැඩ කර ගෙන යන්නා වූත් තැනැත්තාට මම

Free Reading Plans and Devotionals related to එළිදරවු 2:18-26