එළිදරවු 12
12
මකරා හා ස්ත්‍රිය
1මහා ලකුණක් අහසේ පෙනෙන්නට විය. එනම්, හිරුගෙන් සැරසී, සඳු තම පා යට ඇතුව, තරු දොළහකින් යුතු ඔටුන්නක් හිස පැලඳි ස්ත්‍රියකි. 2ගැබ්බර ව සිටි ඈ, ප්‍රසූතිය ළං වූ බැවින් විලිරුදාවෙන් කෑ මොර දුන්නා ය. 3එවිට තවත් ලකුණක් අහසේ දිස්විය. මෙන්න! හිස් හතක් හා අං දහයක් ද තම හිසෙහි කිරීට හතක් ද දැරූ දැවැන්ත රතු මකරෙක්! 4උගේ වලිගය, අහසේ තරුවලින් තුනෙන් එකක් ඇද, පොළොවේ හෙළී ය. ඇගේ දරුවා බිහි වූ කෙණෙහි ඔහු ගිල දමන පිණිස මකරා, දරු ප්‍රසූතියට ළං ව සිටි ස්ත්‍රිය ඉදිරියේ රැක සිටියේ ය. 5ඈ පිරිමි දරුවකු, යදණ්ඩකින් සියලු ජාතීන් මතු ආණ්ඩු කරන පුතකු#12:5 ගීතා 2;9 බිහි කළා ය. එහෙත් ඇගේ දරුවා දෙවියන්වහන්සේ වෙතත්, උන්වහන්සේගේ සිංහාසනය වෙතත් ඇද ගනු ලැබී ය. 6ස්ත්‍රිය, පාළුකරයට පලා ගියා ය; එය, එක්දහස් දෙසිය හැට දවසක් ඇය නඩත්තු කරනු ලබන පිණිස, දෙවියන්වහන්සේ විසින් ඇයට පිළියෙල කර දෙන ලද ස්ථානයකි.
7තවද ස්වර්ගයේ යුද්ධයක් හට ගත්තේ ය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට එරෙහිව සටන් වැදුණහ. මකරා හා උගේ දූතයෝ ප්‍රති ප්‍රහාර දුන්හ. 8එහෙත් ඌ පැරදුණේ ය. තවදුරටත් ස්වර්ගයේ ඔවුන්ට තැනක් නො වී ය. 9ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකය ම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.
10එවිට උස් හඬින් මෙසේ කියන කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි:
“අපේ දෙවියන්වහන්සේගේ ගැලවීම ද,
බලය හා රාජ්‍යය ද,
උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ ආධිපත්‍යය ද දැන් පැමිණ ඇත.
මන්ද අපේ දෙවියන්වහන්සේ ඉදිරියේ දිවා රැයේ චෝදන නගනා,
අපේ සහෝදරයින්ගේ චෝදකයා,
පහළට හෙළනු ලැබ ඇත.
11බැටළු පැටවාණන්ගේ ලේ මගින් හා
තම සාක්ෂියේ වචනය මගින්,
ඔවුහු ඔහුගෙන් ජය ගත්හ.
තවද, ඔවුන් මරණය දක්වා ම,
තමන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත.
12එබැවින් එම්බා ස්වර්ගයෙනි,
ඒවායේ වෙසෙන සියල්ලෙනි, ප්‍රීති වන්න.
එහෙත්, එම්බා පොළොව හා මුහුද,
නුඹලාට දුක් වේ!
මන්ද යක්ෂයා මහා උදහසකින්, නුඹලා වෙත බැස ඇවිදින් ය.
ඒ, තමාගේ කාලය කෙටි වග ඌ දන්නා බැවිනි.”
13තමන් පොළොවට පහත හෙළනු ලැබ ඇති බැව් දුටු මකරා, පිරිමි දරුවා බිහි කළ ස්ත්‍රිය ලුහුබැන්දේ ය. 14පාළුකරයේ ඇයගේ ස්ථානයට සර්පයා වෙතින් පියඹා යා හැකි වන පිණිස, මහා රාජාලියාගේ පියාපත් දෙක ස්ත්‍රියට දෙනු ලැබී ය. එහිදී කාලයකටත්, කාලවලටත්, අඩ කාලයකටත් ඈ නඩත්තු කරනු ලබන්නී ය. 15එවිට සර්පයා, ස්ත්‍රියට පිටුපසින් ගංගාවක් සේ ජලය උගේ කටින් පිට කර හැරියේ, ඒ ජල ප්‍රවාහයෙන් ඇය ගසා ගෙන යනු පිණිස ය. 16එහෙත් පොළොව, ස්ත්‍රියගේ පිහිටට පැමිණ, කට ඇර, මකරා උගේ කටින් වැගුරූ ගංගාව ගිල්ලා ය. 17එවිට මකරා, ස්ත්‍රිය කෙරේ කුපිත ව, දෙවියන්වහන්සේගේ නියෝග පිළිපදින, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අය හා යුද්ධ කරන්නට ගියේ ය.
Currently Selected:
එළිදරවු 12: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: