එළිදරවු 1:4-8
එළිදරවු 1:4-8 SCV
යොහන් වෙතින්, ආසියාවේ සභා හත වෙතයි: ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ, ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්. “අන්න! උන්වහන්සේ වලාකුළුවලින් එන සේක.” “උන්වහන්සේ ව ඇන, සිදුරු කළ අය පවා හැම ඇසක් ම, උන්වහන්සේ දකිනු ඇත.” මිහි පිට සියලු ගෝත්‍ර “උන්වහන්සේ නිසා වැලපෙනු ඇත.” ඒ එසේ ම වේවා! ආමෙන්. “මම, අල්ෆා සහ ඔමෙගා වෙමි, සිටින්නා වූ සිටියා වූ, මතු ද සිටින්නා වූ සර්ව පරාක්‍රමයාණන්වහන්සේ යැ” යි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කියන සේක.

![[What the Spirit Says] Letter to Ephesus එළිදරවු 1:4-8 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F39904%2F1440x810.jpg&w=3840&q=75)



