එළිදරවු 1:13-17
එළිදරවු 1:13-17 SCV
හා ඒ පහන් රුක් මැද මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනකු, ස්වකීය පාද දක්වා දිගු ලෝගුවක් හැඳ, ළය වටා රන් පටියක් බැඳ සිටිනු දුටිමි. උන්වහන්සේගේ හිසේ කෙස්, සුදු ලෝම බඳුව හිම මෙන් සුදු ය. උන්වහන්සේගේ ඇස් ගිනි දළු වගේ ය. උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් ව දිළිසෙන පිත්තල වැනි විය. උන්වහන්සේගේ කටහඬ මහ ජල ඝෝෂාවක් වැන්න. උන්වහන්සේගේ දකුණු අතේ, උන්වහන්සේ තාරකා හතක් දරා සිටි අතර, උන්වහන්සේගේ මුවින් තියුණු දෙමුවහත් කඩුවක් නික්මිණි. උන්වහන්සේගේ මුහුණ පරම කාන්තියෙන් බබළන හිරු මෙන් විය. උන්වහන්සේ දුටු විට මම මළාක් මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තම දකුණු අත මා පිට තබා, මෙසේ පැවසූ සේක: “බය වන්න එපා. පළමුවැන්නාත්, අන්තිමයාත් මමයි.

![[What the Spirit Says] Letter to Ephesus එළිදරවු 1:13-17 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F39904%2F1440x810.jpg&w=3840&q=75)



