ගීතාවලිය 91:5-9
ගීතාවලිය 91:5-9 SCV
රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත. අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ. ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්, ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්, කිසි අනතුරක් ඔබට ළං නො වේ. ඔබ දෙනෙත් යොමා, බලා සිටිනවා පමණි, දුදනන් පිටට එන දඬුවම, එවිට ඔබ දකිනු ඇත. මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ, එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්





