ගීතාවලිය 91:3-6
ගීතාවලිය 91:3-6 SCV
සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද මාරක වසංගතවලින් ද උන්වහන්සේ ඔබ මුදන සේක. උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක; උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත; උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය. රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත. අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ.





