ගීතාවලිය 9
9
ගීතාවලිය 9
සංගීත අධ්‍යක්ෂක වෙත. මූත් ලබ්බේන්#9:0 මූත් ලබ්බේන් අර්ථය පුත්‍රයාගේ මරණය විය හැක. තනුවට අනුව ය. දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, මගේ මුළු හදින් මම ඔබට ස්තුති පුදන්නෙමි.
ඔබ සිදු කළ සකල අසිරිමත් ක්‍රියා ගැන මම පවසන්නෙමි.
2ඔබ තුළ මම ප්‍රීති වන්නෙමි; ප්‍රමෝද වන්නෙමි.
ඔබගේ නාමයට මම පැසසුම් ගී ගයන්නෙමි, මහෝත්තමයාණනි.
3මගේ සතුරෝ ආපසු හැරුණු කල,
ඔබ අබියස පැකිළී, වැනසෙති.
4මන්ද, ඔබ මගේ නඩුව අසා, මට පක්ෂ ව තීන්දුව දුන් සේක;
ඔබගේ සිංහාසනයේ හිඳිමින් ඔබ ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන සේක.
5ඔබ, ජාතීන්ට දෝෂාරෝපණ කළ සේක්, දුෂ්ටයින් විනාශ කර දැමූ සේක;
ඔබ, ඔවුන් ගැන මතකය පවා සදහට ම මකා දැමූ සේක.
6සදාතනික විනාශයකින් සතුරා යට ව ගියේ ය.
ඔවුන්ගේ පුර නගර ඔබ මුලිනුපුටා දැමූ සේක්,
ඒවායේ මතකය පවා නැත්තට ම නැති කළ සේක.
7 ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක;
විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක;
8ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක;
සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක.
9 ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි;
දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි.
10සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති;
මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත.
11සියොනෙහි සිහසුන අරා සිටිනා ස්වාමින්වහන්සේට ප්‍රශස්ති ගී ගයන්න.
උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැන ජාති-ජාතීන් අතර ප්‍රකාශ කරන්න.
12ලේ ගැන පළිය ගන්නා තැනැන්වහන්සේ ඔවුන් මතකයේ තබා ගන්නා සේක;
පීඩිතයින්ගේ විලාපය උන්වහන්සේ අමතක නො කරන සේක.
13මට කරුණා කළ මැනව අහෝ ස්වාමින්වහන්ස, බලනු මැනවි!
මට වෛර කරන්නන් මට පීඩා කරන හැටි! අහෝ! මරණයේ දොරටුවෙන් මා ගොඩට ඇදගත මැනවි.
14එවිට, සියොන් දියණියගේ දොරටු තුළ
ඔබගේ ප්‍රශංසාව පවසන්නට මට හැකි වෙයි.
ඔබගේ ගැලවීම ගැන සොම්නස් වන්නට ද හැකි වෙයි.
15ජාතීහු තමන් හෑරූ වළේ තුමූම ඇද වැටුණෝ ය.
ඔවුන් රහසේ එළූ දැලට ඔවුන්ගේ ම පා අසු විණ.
16යුක්තියෙන් විනිශ්චය කිරීම මගින් ස්වාමින්වහන්සේ තමන් කවුරුන්දැයි පෙන්වා දෙන සේක.
දුෂ්ට ජනයා තමන් ම ඇටවූ උගුල්වලට අසු වෙති. හිග්ගායොන්#9:16 සංගීතමය යෙදුමක් විය හැක. සෙලා
17දුෂ්ට ජනයා ෂෙයෝලයට#9:17 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට පිටත් ව යන්නෝ ය;
දෙවියන්වහන්සේ නො සලකා හරින සියලු ජාතීන්ගේ ඉරණම එයයි.
18එහෙත්, දුගී ජනයා හැම විට අමතක ව නො යේ;
එම පීඩිතයින්ගේ බලාපොරොත්තුව කිසි දා සිඳ නො දැමේ.
19නැගී සිටිනු මැන, අහෝ ස්වාමින්වහන්ස, හුදු මිනිසාට ජය නුදුන මැනවි.
ජාතීහු ඔබ අබියසදී විනිශ්චය කරනු ලබත්වා!
20අහෝ ස්වාමින්වහන්ස, ඔවුන් පිට භීතිය පැමිණෙවුව මැනවි.
තමන් හුදු මිනිසුන් පමණක් වග ජාතීනට දැනගන්නට සැලසුව මැනව. සෙලා
Currently Selected:
ගීතාවලිය 9: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: