YouVersion Logo
Search Icon

ගීතාවලිය 9:13-20

ගීතාවලිය 9:13-20 SCV

මට කරුණා කළ මැනව අහෝ ස්වාමින්වහන්ස, බලනු මැනවි! මට වෛර කරන්නන් මට පීඩා කරන හැටි! අහෝ! මරණයේ දොරටුවෙන් මා ගොඩට ඇදගත මැනවි. එවිට, සියොන් දියණියගේ දොරටු තුළ ඔබගේ ප්‍රශංසාව පවසන්නට මට හැකි වෙයි. ඔබගේ ගැලවීම ගැන සොම්නස් වන්නට ද හැකි වෙයි. ජාතීහු තමන් හෑරූ වළේ තුමූම ඇද වැටුණෝ ය. ඔවුන් රහසේ එළූ දැලට ඔවුන්ගේ ම පා අසු විණ. යුක්තියෙන් විනිශ්චය කිරීම මගින් ස්වාමින්වහන්සේ තමන් කවුරුන්දැයි පෙන්වා දෙන සේක. දුෂ්ට ජනයා තමන් ම ඇටවූ උගුල්වලට අසු වෙති. හිග්ගායොන් සෙලා දුෂ්ට ජනයා ෂෙයෝලයට පිටත් ව යන්නෝ ය; දෙවියන්වහන්සේ නො සලකා හරින සියලු ජාතීන්ගේ ඉරණම එයයි. එහෙත්, දුගී ජනයා හැම විට අමතක ව නො යේ; එම පීඩිතයින්ගේ බලාපොරොත්තුව කිසි දා සිඳ නො දැමේ. නැගී සිටිනු මැන, අහෝ ස්වාමින්වහන්ස, හුදු මිනිසාට ජය නුදුන මැනවි. ජාතීහු ඔබ අබියසදී විනිශ්චය කරනු ලබත්වා! අහෝ ස්වාමින්වහන්ස, ඔවුන් පිට භීතිය පැමිණෙවුව මැනවි. තමන් හුදු මිනිසුන් පමණක් වග ජාතීනට දැනගන්නට සැලසුව මැනව. සෙලා

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 9:13-20